IMG-LOGO

2025 නොවැම්බර් මස 07 වන සිකුරාදා


දුම්රිය අබලි යකඩ හොර පාරෙන් යෑමේ සූදානමක්?

(යොහාන් භාසුර)

දුම්රිය දෙපාර්තුමේන්තුව භාවිතයෙන් ඉවත් කළ දුම්රිය මැදිරි ඇතුළු අබලි යකඩ මෙටි්‍රක්ටොන් 6,000 ක පමණ විශාල ප්‍රමාණයක් ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව ප්‍රධාන පෙළේ යකඩ සමාගම් දෙකකට විකිණීමට සූදානම් වන බවට මෙරට ප්‍රධාන ආයතනයක  නිලධාරියෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට  පැමිණි කර තිබේ.

මෙම යකඩ අළෙවි කිරීමට සම්බන්ධ ප්‍රසම්පාදන කමිටුව හෝ ඇගයිම් කමිටුව අසම්පූර්ණ ඉල්ලුම්පත් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැතිව වැරදි ලේඛණ සහිතව දෙපාර්තුමේන්තුවට පාඩු වන මිල ඉදිරිපත් කළ සමාගම්වලට අඩුපාඩු සහිත ලේඛණ යළි නිවැරදි කරගැනීමට අවස්ථාවක් දී තිබෙන බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.

දුම්රිය දෙපාර්තුමේන්තුවේ ඉහළ නිලධාරීන් සහ ප්‍රසම්පාදන අංශ නිලධාරීන් මෙම උත්සහායේ නිරතව සිටින බවත් දුම්රිය දෙපාර්තුමේන්තුව සතු අබලි යකඩ පුද්ගලික අංශය වෙත විකිණීමට අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය පසුගිය ජුලි මාසයේදී ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් හරහා ආරම්භ කළ අතර එම ටෙන්ඩර් සදහා ඉදිරිපත් වූ සමාගම් ඉදිරිපත් කළ ලේඛණ පසුගිය මස 23 වැනිදා විවෘත කළ බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.

එහිදි සමාගම් 11 ක් ප්‍රසම්පාදනයට අදාල ලේඛණ සහ ඉල්ලුම්පත් ඉදිරිපත් කර තිබුණු අතර ඒ අතරින් සමාගම් දෙකක් ප්‍රසම්පාදනයෙන් ප්‍රතික්ෂේප වන ආකාරයට කර්මාන්ත සංවර්ධණ මණ්ඩලයේ සත්‍ය ලේඛණ සහ මිල ගණන් ඉදිරිපත් කිරීමේදී සියයට 18 ක එකතු කළ අගය මත බදු අගයන් ඉදිරිපත් කර නොමැති බව නිරික්ෂණය වී ඇති බව ද ඔවුහු පවසති.

මෙම තත්වය මත නිවැරදි ලෙස මිල ගණන් සහ ලේඛණ ඉදිරිපත් කර තිබූ සමාගම්වලට අවස්ථාව අහිමි වන අතර රජයේ ප්‍රසම්පාදන මාර්ගෝපදේශමාලාවට අනුව ටෙන්ඩර් විවෘත කළ පසු ටෙන්ඩර් පත්‍රිකාවල හිස්තැන් පිරවීමට ප්‍රසම්පාදන කමිටුවට බලයක් නැති අතර මෙම ටෙන්ඩරය රුපියල් මිලියන 1,000 කට වැඩි වීම මත පෙර සුදුසුකම් නිරීක්‍ෂණය බලධාරීන් අනිවාර්යෙන්ම සිදුකළ යුතු බවත් දුම්රිය වෘත්තිය සමිති පවසයි.

 



අදහස් (4)

දුම්රිය අබලි යකඩ හොර පාරෙන් යෑමේ සූදානමක්?

ධනා Tuesday, 12 August 2025 07:30 AM

දුම්රිය වෘත්තීය සමිති වලින්ද ටෙන්ඩර් ගන්නේ?

:       3       1

ගුණරත්න Tuesday, 12 August 2025 08:33 AM

ඔය අබලි යකඩ කියල විකුණන සමහරක් ඒවා ඉතා වටිනා පැරණි දුම්රිය එන්ජින් ද කියා සැකයක් තිබෙනවා, ඉස්සර ඉඳල භාවිතා කරපු වටිනා කෞතුකාගාරයක තියන්න ඕන දුම්රිය එන්ජින් දැන් නැහැ නොවේද? දෙක තුනක් නම් තිබෙනවා, නමුත් වැඩි හරියක් අතුරුදහන්.

:       1       3

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 10:35 AM

ටෙන්ඩර් අයදුම්පත් පත්‍රයේ අසම්පූර්ණ හො වැරදි නිවැරදි කර ගන්න අවස්ථාවක් දීම වැරද්දක් වෙන්නේ කොහොමද ඒක සාධාරණ ක්‍රියාවක් එකෙන් එකෙන් තරගකාරි මිල ගණන් යටතේ අබලි යකඩ විකුණනා ගන්න අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා මේක මේ තමන්ට ටෙන්ඩර්ය නොලැබිමේ අමනාපයට හො වැඩේ අනන්න කරන උත්සාහයක් වෙන්න පුළුවන්!

:       3       2

Bunny Preena Tuesday, 12 August 2025 10:43 AM

NPP එකට සම්බන්ධ ගොයියෙක් නම් ඔහුට උපරිම දඬුවම ලබා දිය යුතුයි. සමහර පිස්සු ටිකක් ඉන්නවනේ "මේක අපේ ආණ්ඩුව, අපිට කරන්න බැරි දෙයක් නෑ, අපිට ඕනම දෙයක් කරන්න පුළුවන්" කියාගෙන බොරු පම්පෝරි ගහන. උන්ට හොඳ පාඩම් ටිකක් උගන්නන්ට ඕන.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 219 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1593 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site