බිඟුන් මේනක ගමගේ
දුම්රියේ ගැටී අලි ඇතුන් මරණයට පත්වීම වැළැක්වීම සඳහා ගත යුතු නිර්දේශ පහක් ඇතුළත් විමර්ශන වාර්තාවක් සකස් කිරීමට ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කර ඇත.
දුම්රිය රියැදුරන්ට මාර්ගය පැහැදිලිව පෙනීමට මාර්ගය දෙපස මීටර් 30 ක් දක්වා ලඳු කැලෑ එලිකිරීම, වේග සීමා නියමිත පරිදි ක්‍රියාත්මක කිරීම, මාර්ගය දෙපස කඳුගැට සහිත ස්ථානවලදී අලි ඇතුන්ට මාරුවීමට උඩින් මාර්ග (ඕවර් පාස්) සකස් කිරීම, දුම්රිය පාලම් සහ බෝක්කු සහිත ස්ථානවලින් අලි ඇතුන්ට මාරුවීම සඳහා දැනට තිබෙන බාධා ඉවත් කර මාර්ග(අන්ඩර් පාස්) ඉදිකිරීම හා දුම්රිය මාර්ගයට අලි ඇතුන් ඇතුල්වන ස්ථාන සඳහා විදුලි වැටි, රේල් පීලි යොදා බාධා යොදමින් පූර්ව අනතුරු ඇඟවීමේ සංඥා පද්ධති සකස් කිරීම එම නිර්දේශ වේ.
ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පත්කළ කමිටුවක් මගින් මෙම වාර්තාව සකස් කර ඇති අතර අලි ඇතුන් දුම්රියේ ගැටුණු ස්ථාන නිරීක්ෂණය කරමින් මෙම වාර්තාව සකස් කර ඇත.
වනෙජීවී දෙපාර්තමේන්තුවේ අලි ඇතුන් සංරක්ෂණය කිරීමේ අධ්යක්ෂ ආර්.සුමනසේන, දුම්රියේ අලි ඇතුන් ගැටීම වැළැක්වීමේ ව්‍යාපෘතියේ ඉංජිනේරු ඉරෝෂ් පෙරේරා, දුම්රිය දෙපාර්තමේන්තුවේ දිස්ත්‍රික් පරීක්ෂක චමින්ද පෙරේරා යන මහත්වරුන් ඇතුළු දාහතර දෙනෙකුගේ කණ්ඩායමක් විසින් දින හතරක් තිස්සේ මෙම නිරීක්ෂණ සිදුකර තිබේ.
ඒ අනුව මහව හන්දියේ සිට ත්‍රිකුණාමලය, මඩකලපුව, අනුරාධපුරය, තලෙයිමන්නාරම යන උතුරු නැගෙනහිර දුම්රිය මාර්ගවල සංචාරය කරමින් අලි ඇතුන්ගේ හැසිරීම පිළිබඳ දත්ත හා තොරතුරු එක්රැස් කර ඇත.
මීට අමතරව මෙම නිර්දේශ මත පදනම්ව විද්වත් කමිටුවක් විසින් ප්‍රධාන සැලැස්මක් සකස් කිරීමට නියමිත අතර එම වාර්තාව හා එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූල්‍ය ඇස්තමේන්තුව ලබන 25 වැනිදා ප්‍රවාහන ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතාට බාරදීමට නියමිත බව එම අමාත්‍යංශය සඳහන් කරයි.
ඒ අනුව ප්‍රවාහන ඇමැතිවරයා අදාළ වාර්තාවට කැබිනට් අනුමැතිය ලබාගෙන මෙම මාසය අවසාන වීමට පෙර එය ක්‍රියාවට නැගීමට කටයුතු කරන බව ද එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 16
57
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
851
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
612
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
දුම්රිය අනතුරුවලින් අලි ඇතුන් බේරාගැනීමට ප්‍රවාහන අමාත්‍යංශයෙන් වැඩපිළිවෙළක්