IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දුම්රියෙන් තෙල් ඇද්ද දෙන්නා දැලේ

(සුමතිපාල දීයගහගේ සහ ඩී ජී සුගතපාල)

ගාල්ල දුම්රිය ස්ථානයේ නවතා තිබු ඉන්ධන ප්‍රවාහනය කරන දුම්රියකින් ඉන්ධන සොරකම් කළ එම දුම්රිය ස්ථානයේ  දුම්රිය භාණ්ඩ පරීක්ෂකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

ගාල්ල මාගාල්ලේ පිහිටි ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩාව වෙත පැමිණි මෙම දුම්රිය ඉන්ධන තොගය එහි ගබඩාවට බෑමෙන් පසුව නැවත ගාල්ල දුම්රිය ස්ථානයට පැමිණ නවතා තිබී ඇත.

ඊටපසුව මෙම දුම්රිය ස්ථානයේ සේවය කරන දුම්රිය භාණ්ඩ  පරීක්ෂකයින් දෙදෙනා විසින් දුම්රියේ ඉන්ධන ටැංකියේ ඉතිරිව තිබු ඉන්ධන ලීටර් 5.05 ක් සොරකම් කර ගෙන ඔවුන්ගේ කුටිය වෙත එමින් සිටියදී දුම්රිය ආරක්ෂක නිලධාරි චන්ද්‍රදාස මහතා විසින් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත භාරදී තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (15) ගාල්ල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 



අදහස් (2)

දුම්රියෙන් තෙල් ඇද්ද දෙන්නා දැලේ

prasanna Thursday, 15 June 2023 10:37 AM

රජයේ සේවකයන්ටත් කිසිම ලැජ්ජාවක් නැහැ .හොරකම් කරනවා දේශපාලකයන්ට වැඩිය

:       0       7

Samitha S. Aluthgamage. Thursday, 15 June 2023 05:21 PM

දුම්රියේ සවිකොට ඇති විදුලි පංකා ආදී දේ හොරකම් කරන්නේ කව්ද කියලා දැන් අපට හිතාගන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site