IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දුම්රියේදී කඩුවකින් පහරදී රන් මාලය-ලක්ෂ දෙකක් සොරාගත් 2ක් අල්ලයි

(රේඛා තරංගනී ෆොන්සේකා සහ ඉන්දිකා රාමනායක)

කොළඹ සිට මාතර දෙසට දහවනය කෙරෙමින් තිබූ දුම්රියේ ගමන්ගත් අඹු සැමි යුවලකට කඩුවකින් පහර දී බිරිඳගේ ගෙලබැඳි රන් මාලය සහ ලක්ෂ දෙකක මුදල් පැහැර ගත් එක් සැකකරු මොරටු පොලිසියෙ විසින් ඊයේ (06) සහ අනෙක් සැකකරු අඟුලාන පොලිසිය  විසින් අද (07) අත්අඩංගුවට ගෙන ඇතැයි මොරටුව පොලිසිය පැවසීය.

කොල්ලකෑම සිදුවන අවස්ථාවේ ඇතිවූ පොරබැදීමේදී පහරකෑමට ලක් වූ අඹුසැමි යුවළෙහි සැමියාගේ අතට වැදුණු කඩු පහරක් හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කොට ඇත.

අඹු අඹුසැමි යුවළ ත්‍රීරෝද රථයක් මිලදී ගැනීම් සඳහා අවශ්‍ය මුදල්ද රැගෙන මන්නාරමේ සිට කොළඹට පැමිණ ඇති අතර කොළඹ කොටුවේ සිට පානදුරට යළි ගමන් ගන්නා අතර තුර කොරලවැල්ල ප්‍රදේශ්යේදී මෙම කොල්ලකෑමට ලක්වී ඇත.

කොල්ලකෑමෙන් පසු සැකකරුවන් දෙදෙනා දාවනය වන දුම්රියෙන් පැන ඇති අතර ඔවුන්ගෙන් එක් අයෙකු දුම්රියෙන් පැනීමේදී තුවාල ලබා මොරටු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අනෙක් සැකකරු කොල්ලකනු ලැබූ රන් ආභරණ හා මුදල් රැගෙන පලාගොස් සිටි අතර එම සැකකරු  කොල්ලකකෑ මුදලින් මිලදී ගත් බව කියන කුඩු ග්‍රෑම් හයක් සමඟ අද (07) අත්අඩංගුවට ගැනීමට අඟුලාන පොලිසිය සමත් වී ඇත.

මොරටුව සහ අඟුලාන පොලිසි වලින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් දෙදෙනා මොරටුව කොරලවැල්ල සහ පානදුර කිරිබේරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පවසයි.

දුම්රියෙන් වැටී තුවාල ලැබූ සැකකරු ලුනාව දිස්ත්‍රික් රෝහලේ ප්‍රතිකාර සඳහා යොමු කිරීමෙන් අනතුරුව පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

අඟුලාන පොලිසිය විසින් කුඩු ග්‍රෑම් හයක් සමඟ අත්අඩංගුවට ගත් මධුෂාන් නොහොත් කලුවා නමින්  හඳුන්වන සැකකරු බලඅපරාධ රැසකට නම් දරාපු පුද්ගලයෙකු බවත් පොලිස් පොලිසිය පැවසීය.

මෙම සැකකරුවන් මොරටුව මහේස්ත්‍රාත්  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම සිද්ධිය සම්බන්ධ වැටලීම ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මංගල දෙහිදෙණිය මහතාගේ අධීක්ෂණයෙන් මොරටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පුෂ්පකුමාර ෆර්ඩිනෑන්ඩු සහ අඟුලාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද  ෆර්නෑන්ඩෝ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් මොරටුව පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික අඟුලානේ උප පොලිස් පරික්ෂක බලවර්ධන  පොලිස් කොස්තාපල් 7220 දිලංක,40568 වසන්ත ඇතුලු නිලධාරිහු සිදු කරති



අදහස් (0)

දුම්රියේදී කඩුවකින් පහරදී රන් මාලය-ලක්ෂ දෙකක් සොරාගත් 2ක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site