
(යොහාන් භාසුර)
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ ඝාතනයට වරදකරු වී මරණ දඬුවම නියම වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලෙන් සාමාන්‍ය වාට්ටුවකට අද (10) පස්රුවේ මාරු කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක මහතා පැවසීය.
වෛද්‍ය නිර්දේශ අනුව දුමින්ද සිල්වා මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිටි බවත් ඒ මහතා බන්ධනාගාර රෝහලේ රැදවීමේ අවශ්‍යතාවයක් නොමැති බව විශේෂ වෛද්‍ය මණ්ඩලයක් නිර්දේශ කිරීම නිසා මෙසේ සාමාන්‍ය වාට්ටුවකට මාරු කර බව ද දිසානායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාමාන්‍ය වාට්ටුවක් කියන්නේ මොකක්ද? සිර මැදිරියක් නෙමෙයිද?
විශේෂඥ දොස්තරයා කියා ගත්තු කෙනාට විරුද්ධව පරීක්ෂණයක් අරඹන්න හොර සහතික දුන්නු එකට…
දූෂණය මොනතරම් බලවත්ද? ලැජ්ජයි
අදාළ චැනලයේ සංඛ්‍යාත ගැන නැවත අගැයීමක් කරන්න. මේ සංබ්‍යාත අළුත් නාලිකා වලට දෙන්න බැරිද?
හොඳට ඇඟපත තියන නිසා බන්ධනාගාරේ තියන බර වැඩ ටික ඔක්කෝම දෙන්න.
සියල්ලට ඉහලින් සිටින, සියල්ල දකිනවා යැයි කියන අයට මේ මරණ දඬුවම එදත් අදත් පෙනෙන්නේම නෑ. පැත්ත යයි කියලා බයවෙන්න ඇති...
බලය තිබුණු කාලේ සියලු නගර පෙන්නන්න එන සියලු දෙනාට මොහුගේ ඉරණම හොඳම උදාහරණයක්. රටේ බලවතුන්ට කඩේ යන කාටත් මොවුන්ගේ කතා මෙලොව මිස එලොව තියෙන දෙයක් නොවන බවට උදාහරණ..
ජෙප්පොත් රටේ කරලා තියෙනවා. මීට වැඩිය අපරාධ...
සිද්ධ වෙන්න ඕන දේවල් සිදුවෙමින් පවතිනවා. අප බලාපොරොත්තුවූයේ එයයි.
හොද තීරණයක්