(නිමන්ති රණසිංහ)
හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තා රුපියල් ලක්ෂයක මුදල් සහ රුපියල් කෝටිය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අද (04) නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කළ අධිකරණය එය ආගමන විගමන පාලකවරයා වෙත දැනුම් දෙන ලෙසට අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට නියෝග කළ අතර, විදෙස් ගමන් ගමන් බලපත්‍රය අධිකරණය භාරයේ තැබීමටද නියම කළේය.
සෑම සති දෙකකට වරක් අපරාධ පරික්ෂණ දෙපාරත්මේන්තුවේ නිති විරෝධී වත්කම් විමර්ශණ කොට්ඨාසයේ පෙනී සිටින ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා සැකකරුට තවත් ඇප කොන්දේසියක් පැනවීය.
2025 දෙසැම්බර් මස 18
183
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ රුවන්ට ඇප
කමල් Friday, 04 November 2022 06:10 PM
රන්ජන් කීව කතාව හරියට හරි... කටේ මසුරන් දාන්න ඕනේ. නීතිය වල් වැදුණාම රටට අබ සරණයි...!