IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා, බිරිද, සහෝදරිය රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

උපයා ගත් ආකාරය හෙළිකළ නොහැකි රුපියල් කෝටි දහසයකට අධික වත්කම් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් මුදල් විසුද්ද කරන පනත යටතේ අත්අඩංගුවට ගත් හෙරොයින් ජාවාරම්කාරයෙකු යැයි ප්‍රකට දෙමටගොඩ චමින්දගේ සොහොයුරා වූ දෙමටගෝඩ රුවන්ගේ  ,පුත්‍රයා, බිරිඳ සහ,සහෝදරිය ලබන 08 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත වූයේ සිරිනාථ පතිරණගේ තරිඳු මදුශංක,ජෝන් පීටර්ලාගේ ශානිකා ලක්මිණී සහ සිරිනාථ පතිරනලාගේ සමන්තී නිර්මලා යන සැකකරුවන්ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර පැමිණිල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මුදල් විසුද්ධිකරණයට ආධාර අනුබල දීම සම්බන්ධයෙන් සැකකරුවන්ට අත්අඩංගුවට පත් වූ බව පැවසූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සැකකාර පුත්‍රයා සන්තකයේ රුපියල් මිලියන 86ක දේපළක් ඇති බවත් ඊට අමතරව ස්ථාවර තැන්පතු, රත්තරන් යන දේපළවලට  හිමිකාරීත්වය ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති බවත් රුවන්ගේ බිරිඳ බිරිඳ සන්තකයේ රුපියල් මිලියන  82ක වත්කම් ඇති බවත් සහෝදරිය වූ විත්තිකාරිය මත්ද්‍රව්‍ය බලපත්‍ර සහිත රෙස්ට්ටුරන්ට් එකක අධ්‍යක්ෂකවරියක් බවත් සඳහන් කළේය.

සැකකරුවන්ට ඇප ලබා දුනහොත් විමර්ශන වලට බාධා විය හැකි බැවින් සැකකරුවන්  රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ද ඉල්ලා සිටියේය.

සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ද කරන පනත යටතේ ලබන සතිය ඇතුළට මහාධිකරණය ඉදිරියේ අධිචෝදනා ගොනු කරන බවද සඳහන් කළේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා විමර්ශන වලට හා සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බවට ඉදිරිපත් වූ කරුණු අනුව සැකකරුවන් රක්ෂිත බන්ධනා කර ගාර ගත කරන බවට නියෝග කළේය. 



අදහස් (2)

දෙමටගොඩ රුවන්ගේ පුත්‍රයා, බිරිද, සහෝදරිය රිමාන්ඩ්

a Thursday, 01 February 2024 05:39 PM

හිරුණිකා පැහැදිලිව කිව්වා දෙමටගොඩ රුවන්ව රැකවරණය දෙන්නේ ටිරාන් අලස් කියලා. උගෙ ගෑනියි ළමයිනුයි අල්ලන්නෙ නැත්තෙ ඒකයි කියලා. මේ හදිස්සියේ උන්ව හිරේ දැම්මේ ඒක නේද කියල.

:       1       0

වික්කමසිංහ Friday, 02 February 2024 01:02 AM

රනිල්ගේ තරැණ සභාපති කියන්න බයයි නේහ්

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 148 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site