(රෝෂන් තුෂාර)
අධිකරණය මගින් අත්හිටුවා ඇති කෝටි ගණනක සිය දේපළ මුදාහැරීමේ නියෝගයක් නිකුත් කරන්නැයි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයකු ලෙස ප්‍රකට සිරිනාථ පතිරණගේ රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් විශේෂ මෝෂමක් ගොනුකරමින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම මෝෂම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා ඉදිරියේ කැඳවීය.
සැකකරු වෙනුවෙන් ජේෂ්ඨ නීතිඥ ගාමිණි අල්විස් මහතා අධිකරණය කරුණු දක්වමින් කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම අතුරු වීමේ නියෝගය ලබාගෙන වසරකට වැඩි කාලයක් ගතවී ඇති බවය.
එසේ වසරකට දේපළ රඳවා ගන්නේ නම් අධිකරණය මගින් තහනම් නියෝගයක් හෝ අධි චෝදනා ගොනු කිරීමක් සිදු විය යුතු බවට නීතිඥවරයා පෙන්වා දුන්නේය.
මෙම ඉල්ලීම ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරන ලෙසට දන්වා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරයා මෝෂම ජුනි 27 දින කැඳවීමට දින නියම කළේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
දෙමටගොඩ රුවන්ගේ කෝටි ගණනක දේපළ මුදාහරින්නයි ඉල්ලයි