IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


දෙපාර්තමේන්තු දෙකක් වහයි

(සුජිත් හේවාජුලිගේ )

රජයේ දෙපාර්තමේන්තු දෙකක් වසා දැමීමට අදාළ ගැසට් නිවේදනයක් රජය විසින් නිකුත් කරනු ලැබ ඇත.

මෙසේ වසා දමා ඇත්තේ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව සහ විදුලි සංදේශ දෙපාර්තමේන්තුවයි.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් ( ඈවරකරු) පී.එච්. ඒ.එස් විජයරත්න මහතා විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ ඇත.

පාරිභෝගික ආරක්ෂණ පනතේ විධිවිධාන යටතේ පිහිටුවන ලද පාරිභෝගික කටයුතු අධිකාරිය පිහිටුවීමත් සමඟ අභ්‍යන්තර වෙළෙඳ දෙපාර්තමේන්තුව අවලංගු කරන ලද බවද  එම ගැසට් නිවේදනයේ දැක්වේ.

මේ අතර ක්‍රියාශීලීත්වය අතින් පහළ මට්ටමක ඇති රාජ්‍ය ආයතන හතළිහක් වසා දැමීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පසුගියදා පැවසුවේය.

එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගනු ලැබ ඇතැයිද  වාර්තා වේ.



අදහස් (2)

දෙපාර්තමේන්තු දෙකක් වහයි

de silva Friday, 16 June 2023 12:02 PM

අපිව දිනෙන් දින අගාධයට ගෙන යන ශ්‍රී ලන්කන් එක වසා දමන්නේ කවදාද?

:       0       23

Hello Girl Friday, 16 June 2023 02:54 PM

එකෝමත් එක කාලෙක ලංකාවේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව විසින්ම තමයි දුරකථන පහසුකම් ලබාදුන්නේ... ඒ කාලයේ ඒවාට සහායට හලෝ girl කියලා හදුන්වන දුරකථන සේවිකාවන් පිරිසක් හිටියා. ඩී.බී විජේතුංග මහතා තැපැල් හා විදුලි සංදේශ ඇමැති ලෙස දුරකථන පහසුකම් ඇතිකර දෙපාර්තමේන්තු කටයුතු ටෙලිකොම් වෙතට පැවරුවා. එතුමා එම කටයුතු නොකළානම් තවමත් සෘජු දුරකථන පහසුකම් ගන්න ලැබෙන්නේ නැහැ ඉතින් මෙතෙක් කලක් දෙපාර්තමේන්තුව නඩත්තු කලේ මොකටද කියලා හිතෙනවා...

:       1       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 524 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site