IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


දුප්පත්කම නැති කරන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

දරිද්‍රතාවය පිටු දැකීම සඳහා විධිමත් සැලැස්මක් වහාම  සකස් කරන්නැයි   ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව  සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

මේ අතර දරිද්‍රතාවයෙන් පෙළෙන සවිබල ගැන්විය යුතු  පවුල් හඳුනා ගැනීමට කඩිනමින් සමීක්ෂණයක්  කරන්නැයි එම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන් බව කාරක සභාවේ සභාපති අනතුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැවසීය.


ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී  පසුගිය 19 වැනි දා රැස්විය. ඉහත නියෝග කෙරුණේ එම රැස්වීමේය.
 



අදහස් (6)

දුප්පත්කම නැති කරන්න මැතිසබා කමිටුවෙන් නියෝගයක්

ravin Sunday, 01 October 2023 03:44 PM

දරිද්‍රතාවය අඩුකිරීමේ පළමු පියවර ලෙස රටම උලාකන 225 දෙනා කොමිස් ගැසීම ඇතුළු අනිකුත් දූෂණ නතර කළා නම් නරකයිද? රට ගොඩගැනීම කියා තවතව හූරා කෑම නේද කරන්නේ?

:       0       6

ගමේ එකාලා Sunday, 01 October 2023 04:41 PM

දුප්පත්කම නැතිකරන්න තිබුණා... කාලකන්නි බලලෝභී, දූෂිත දේශපාලුවෝ මහාපරිමාණ හොරකම් වන්චා දූෂණ නාස්තිය නොකෙරුවා නම්? අවතැන් වූ අසරණයින්ට ලැබුණු සුනාමි ආධාර හොරාකාපු දූෂිත නායකයෙක් හිටියේ. මහින්ද චින්තනේ, ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම කියලා ජනතාව රවට්ටලා බලය අරන් අන්තිමට කරපු හරියම මදිද? දූෂිත දේශපාලුවෝ හැම එකාටම සාපවෙනවා... රටට කරපු විනාසෙට...

:       0       4

Janakasantha Monday, 02 October 2023 08:58 AM

අම්මේ නියමෙටම වැඩේ කරයි... ආයේ අහන්න දෙයක් මෙච්චර කාලයක් ගිහින් බැරිවුණා... අහිංසක මිනිස්සුන්ගේ දුප්පත්කම නැති කරන්න දැන් තමයි කරන්න හදන්නේ... ඇත්තටම මේ වගේ මෝඩ නුගත් හරක් ටිකක්නේ මෙව්වා කියන්නේ... මොවුන් එදා ඉඳලාම කරේ අහිංසක මිනිස්සුන්ගෙන් රිරි මාංශ සුරාගෙන කාපු එක... දැන් එනවා දුප්පත්කම නැති කරන්න... පුළුවන් දෙයක්ද කියන්නේ? මේ හරක් මේ රටේ දූෂිත දේශපාලනය තියන තාක්කල් කවදාකවත් දුප්පත්කම නැති කරන්න බැහැ. ඒක මේ නූගත් මෝඩහරක් වැනි නිලධාරින්ට නොතේරෙන එකයි දුක...!

:       0       0

Bunny Preena Monday, 02 October 2023 11:40 AM

දරිද්‍රතාවය ගැන මේගොල්ලෝ දැනුම්වත් වෙලා තියෙන්නේ හරියට අද ඊයේ වගේනේ... මෙච්චර කාලෙකට ජනගහනයෙන් වැඩි කොටසක් පොහොසතුන් කියලා මෙයාලා හිතාගෙන ඉඳලා තියෙන්නේ...!

:       0       0

Rata Perata Monday, 02 October 2023 11:58 AM

හැම දේශපාලුවම බලය ගන්නෙ දුප්පත්කම නැතිකරනව කියල. දැන් එක නිලදරින්ට පවරල. ඇත්තටම මුන් 226 දෙනා මොනවද කරන්නෙ රටෙ යහපත වෙනුවෙන්?

:       0       0

Sanju Monday, 02 October 2023 08:07 PM

අමාරුම දේ... දුප්පත් මනුස්සයා හොයාගන්නත් බෑනේ මේ ගොල්ලන්ට...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site