IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දුප්පත්කම දැරියක බිලි ගනී?

(කේ.ජී. සුමනදාස)

සෙවණගල,  ඉඳුනිල්පුර, සූරියආරේ කුඩා නිවෙසක දැඩි අගහිඟකම් මැද ජීවත්වන පවුලක 16 හැවිරිදි පාසල් සිසුවියක මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ සෙවනගල, සූරියආර ප්‍රදේශයේ පදිංචිව සිටි සිසුවියකි.

දැරිය සෙවනගල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඒ වනවිට ඇය මියගොස් සිටි බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.

මෙම දැරියගේ පියා මීට පෙර මියගොස් ඇති අතර මවටද ස්ථීර ආදායමක් නොමැත. ස්ථීර පදිංචිය ඉඳුනිල්පුර ප්‍රදේශයේ වුවද පසුව නෙළුම්සිරිගමට පැමිණ කුඩා නිවෙසක් තනාගෙන ජීවත්ව සිට ඇත.

මීට පෙර මෙම දැරියගේ සහෝදරයකුද මේ ආකාරයෙන්ම මියගොස් ඇත.

මෙම සිසුවිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ගම්වැසියකු පැවැසුවේ මේ දරුවා ඉතා හොඳ දරුවෙක්. හරිම විනීතයි. මෙවැනි සිද්ධියක් කර ගැනීම හරිම ගැටලුවක් කියාය.

මෙම මරණය සම්බන්ධයෙන් විශේෂ පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයිද සෙවනගල පොලිසිය කියයි.

මෙම දැරිය පවුලේ දැඩි ආර්ථීක දුෂ්කරතා මත දැඩි කලකිරීමෙන් ජීවත්ව ඇති බවට මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.

පෞද්ගලික පන්තියක ගුරුවරයකුගේ සාදයකට සහභාගීවීමට නොහැකිවීම සම්බන්ධයෙන්ද ඇය දැඩි කලකිරීමකින් සිට ඇති බවටද තොරතුරු ලැබී ඇතැයි ද පොලිසිය පවසයි



අදහස් (4)

දුප්පත්කම දැරියක බිලි ගනී?

pakeer Wednesday, 16 August 2023 09:29 PM

මම හොඳටම දන්නවා මේ කියන දුප්පත් කම.මේක මේ ඔයා මම කියන දුප්පත් කම නෙමෙයි.ඊට වඩා හරිම දුක්බරයි .කොටින්ම අඳින්න ඇඳුමක් නැහැ .ඉල්ලන්න බැහැ .උඩට ඇන්දත් .යටට අඳින්න නම් නැහැ .එළවළුවක්,පළතුරක් කන්න නැහැ .මසක් මාළුවක් නැහැ .එක වේලයි .නැතිනම් සම්බෝල

:       0       17

rattu Thursday, 17 August 2023 08:31 AM

රටෙ ලොක්කන්ට පෙනෙන්නෙ වතු ජනතව සහ උතුරු නැගෙනහැර ජනතාවගෙ ප්‍රශ්ණ විතරයි.

:       0       15

චන්දනThursday, 17 August 2023 11:12 AM

මේ එක සිද්ධියක් විතරයි. මෙවැනි තත්ත්වයේ ඉන්න ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නව. බහුගිය වසරක විතර කාලයේ ඉඳලා මෙවැනි අය දෙතුන්ගුණයකින් වැඩි වෙලා.

:       0       11

මහීලල් Thursday, 17 August 2023 07:32 PM

ආණ්ඩුව වියදම් කරලා, ඡන්ද තියලා පත්කර ගන්න දේශපාලකයිනුයි, අනිත් ගමේ ඉන්න නිලධාරින් හතර දෙනයි මීට වඩා වගකීමෙන් වැඩ කරන්න ඕනෑ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 380 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 225 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site