IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


‘දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවනවා’

(ඩයනා උදයංගනී සහ සුජිත් හේවාජුලිගේ )

පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ දේශපාලන වියවුල හේතුවෙන් දින 51ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවා තැබීමට පියවර ගන්නා බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කරමින් අද (10)පැවසීය.

කුමන දුෂ්කරතා පැමිණිය ද ජනතා හිතවාදී අයවැයක් ගෙනෙන බව අගමැතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම ණය මුදල වන ඇමෙරිකානු ඩොලර් මිලියන 2600 ක් මෙම මස 14 වැනි දා ගෙවීමට ඇතැයි ද රනිල් වික්‍රමසිංහ මහතා කීවේය.

දින 51 ක් පුරා පැවති දේශපාලන වියවුල නිසා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වූ බවද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 



අදහස් (21)

‘දින 51 ක් පුරා දෙදරා ගිය ආර්ථිකය යළි ඉහළට ඔසවනවා’

sana Thursday, 10 January 2019 09:18 AM

ඔව් අපිට හොදට මතකයි කලින් අවුරුදු තුනේ තිබුන හැටි

:       0       0

සේනක Thursday, 10 January 2019 10:12 AM

මේ දින ටිකට විතරක්ද ආර්ථිකය දෙදරලා ගියේ.

:       0       0

Darshana Thursday, 10 January 2019 10:24 AM

ඔය කියන විදියට ඊට පෙර රටේ පුදුම සංවර්ධනයක්නේ තිබිලා තියෙන්නේ ...

:       0       0

Nuwan Thursday, 10 January 2019 10:45 AM

දෙදරන්න ඔය 51 ට කලින් ආර්ථිකයක් තිබුනද??

:       0       0

sisira Thursday, 10 January 2019 10:55 AM

අවුරුදු තුනක් තිස්සේ රටේ ආර්ථිකය බින්දුවටම බස්සල දවස් 51 ගැන කියනවා රුපියල අවප්‍රමාණ උනේ ඔය දවස් 51 එකේ ද ? කුඩා දරුවෙකුට පවා තේරෙන දෙයක් ඒක රටේ මිනිස්සු ඔය තරම් මෝඩයෝ නෙමේ හැබැයි මෝඩයෝ පිරිසක් රටේ ඉන්නවා මෙයාලට කඩේයන

:       0       0

නිමල් Thursday, 10 January 2019 11:08 AM

යාන්තම් වාහනයක් කියාලා එකක් ඕනි නිසා කෑලි කෑලි එකතු කරලා අටවා ගත්තා විතරයි. ඒකටත් පුදනකොටම කාපි යකා කියලා කාබන් බද්දක් ගහලා. එත් ඇහෙන්නේ ආර්ථිකය උස්සනවා කියලයි. අපේ ආර්ථිකේද වෙන කට්ටියකගේ ආර්ථිකයද කියාලා කවුද දන්නේ? පහුගිය කාලේ කාගේ කාගේත් ආර්ථිකය උඩට ඉස්සුවා අපි දැක්කා. 2015 වාදනය කරපු තැටිය ආයෙත් දාලා වගේ. අපිට විහිළු කරනවාද මන්දා!!

:       0       0

නිමල් Thursday, 10 January 2019 11:18 AM

අවුරුදු 3 හමාරක් තිස්සේ උඩට නැග්ග ආර්ථිකය දවස් 51 කින් කඩා වැටුනානම් දැන් හොයන්න තියෙන්නේ ඇත්තටම එක උඩ ගියාද නැතිනම් වෙන කොහෙවත් ගිහින් කඩා වැටුනාද කියාලයි. 1277 දවසක ආර්ථිකය දින 51 න් වැටුණාද?

:       0       0

vipula Thursday, 10 January 2019 11:56 AM

එතකොට අවුරුදු හතරක් පුරාවට දෙදරා ගිය ආර්ථිකය ගොඩ ගන්නේ කවුද? අපි බලමු ජනපති වරණයෙන් පසු .

:       0       0

chandima Thursday, 10 January 2019 12:58 PM

ඒ කියන්නේ ඊට කලින් අවුරුදු තුනක් කඩාවැටුණු ආර්ථිකය එහෙම්මම තියෙන්න අරිනවද?

:       0       0

sapumal Thursday, 10 January 2019 02:14 PM

ඔයා උස්සයි. අපි එපැයි බදු ගෙවන්න.

:       0       0

Bandu Thursday, 10 January 2019 02:24 PM

මහබැංකුවට විද්දේ කවුද කියලා හෙව්වොත් ගොඩක් හොඳයි.

:       0       0

sudath Thursday, 10 January 2019 05:20 PM

අවුරුදු 31/2ක් තිස්සේ පල්ලම් බැස්ස ආර්ථිකේ ගැන හා මහබැංකුව ගැන ප්‍රකාශන නැද්ද?

:       0       0

saman Thursday, 10 January 2019 10:42 PM

සහතික ඇත්ත ඔබතුමාලා නග්ගගෙන ලෝකෙම අංක එකේ අර්ථික රට කරපු එක මේ ගොල්ල දවස් 51න් බිංදුවට දැම්මනේ !

:       0       0

Ruwan Friday, 11 January 2019 12:28 AM

මට විනාඩියක් දෙන්න . පුදුම වෙන්න ..!!! දැන් ඉන්න අලින්ගෙන්ද ...?

:       0       0

ගුනේ Friday, 11 January 2019 04:11 AM

ඊට කලින් ආර්ථිකය පට්ටම තිබ්බනේ.. අනේ නිකන් යන්න..

:       0       0

Namal Friday, 11 January 2019 04:25 AM

හිතවත් රනිල්, මෝඩ කතා කියන්න එපා. ඔක්තෝම්බර් 26 වෙනිදා ඩොලර් එකේ ගාන බලන්න...

:       0       0

athula Gunasena Friday, 11 January 2019 04:28 AM

දින 51ට කලින් රට ස්වයංපෝෂිත වෙලාද තිබුනේ...?

:       0       2

tikiri Friday, 11 January 2019 04:31 AM

ඔය වැඩේට තව අවුරුදු කීයක් ඕනෑද? ලැජ්ජා නැතිකම අගමැති කමටත් වඩා ලොකුයිලු...

:       0       4

senarath Friday, 11 January 2019 04:45 AM

ආර්ථිකේ උස්සපු හැටි 2015 සිටම දැක්කා. එදා 7.2% ක් තිබුණු ආර්ථික වර්ධන වේගේ 2018 ඔක්තෝබර් වෙනකොට 3.1% ට ක්‍රමයෙන් අඩුවුණා. ඩොලරය රුපියල් 133 සිට 177 දක්වා ඉහළ ගියා. රටේ බදු මිල, බදු ගැසීම් වැඩිවුණා.. මේ තමා වුණු සංවර්ධනය. තව ඕනේ තරම් දූෂණ ගැන කියන්න පුළුවන් මහබැංකු හොරකමෙන් පටන් ගත්තම...

:       0       0

aruna Friday, 11 January 2019 05:23 AM

මෙහෙම කතා කියන්නේ එජාපයේ ඉන්නේ මෝඩයෝ කියල හිතාගෙනද???

:       0       24

Bamunuarachchi Saturday, 12 January 2019 01:47 PM

එතකොට අවුරුදු 4 කඩා වැටුන ආර්ථිකය මහින්දද ගොඩගන්න ඕනේ?

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 4 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 590 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site