IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


දින හතේ දරුවා විකුණන්න හදලා

(උපුල් හේරත්,අනුරාධපුර, බී.ජී.චතුරංග සහ දයාරත්න ඇඹොගම)

දින හතක් වයසැති දරුවකු රුපියල් 50,000 මිලට ගත් කාන්තාව සහ අතර මැදියා ලෙස කටයුතු කළ පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බවත් අනුරාධපුර පොලීසියේ ළමා හා කාන්තා කාර්යංශය පවසයි.

කැබිතිගොල්ලෑව වාහල්කඩ පදිංචි කාන්තාවක සහ මෙම ගනුදෙනුවේ අතර මැදියා ලෙස කටයුතු කළ අනුරාධපුර ත්‍රිරෝද රථ රියැදුරකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

දරුවා පියා මෙම දරුවා විකුණා ඇති බවට මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් අතුරුදහන්ව ඇතැයි පොලිසිය කියයි.

අනුරාධපුර, මල්වතු පටුමග, පදිංචි අවුරුදු 21 හැවිරිදි දරුවාගේ මව සිදු කළ පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයකින් පසු බිළිඳු දරුවා සමඟ සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

නිත්‍යානුකූල නොවන සම්බන්ධතාවයකින් උපන්නේ යැයි කියන එම දරුවා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී ප්‍රසූත කර ඇත.

ඉන් පසු එම බිළිදා ඇය පදිංචි නිවසට රැගෙන ආ අතර ,එම බිළිඳාගේ පියා හා මව අතර ගැටුම්කාරී තත්වයක් හටගෙන ඇති බවට පොලිස් විමර්ශනවල දී තොරතුරු අනාවරණය කරගෙන ඇත.

දරුවාගේ මව ඇගේ බිළිදා කිසියම් කෙනකු රැගෙන යන්නට ඇතැයි කියන සිද්ධියක් පාදක කර ගෙන ඇය අනුරාධපුර පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

මෙම පැමිණිල්ලෙ සදහන් සාක්ෂි හා දුරකථන අංක ඔස්සේ සිදු කළ විමර්ශනයේ දී දින හතක් පමණ වයසැති එම දරුවා සහ සැකකරුවන් ගෙන්වා ගෙන අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

එම දරුවා අලෙවි කිරීම සඳහා හෙදියක ගේ සහ උපස්ථායක වරියකගේ ආධාර අනුබල ලැබී ඇති බව සැකකරයි පොලිසිය කරයි.



අදහස් (3)

දින හතේ දරුවා විකුණන්න හදලා

බද්රානි Monday, 26 September 2022 03:00 PM

හම්බවෙන ළමයින්ව හදාගන්න ක්‍රමයකුත් නැත්නම්, විසිකරලා දාන්නත් බැරිනම්, කාට හෝ හදාගන්න කෙනෙකුට මුදලට විකුණන්න හෝ පිනට දෙන්නත් බැරි නම්, ඒ ගැන රජයට වැඩ පිළිවෙලකුත් නැත්නම්, ඒ අය මොකද කරන්න ඕනෑ...? විනිශ්චය කර දඬුවම් නියම කරන්න නම් ලංකාවේ ඕනෑතරම් මිනිස්සු ඉන්නවා. ඉස්සර කතෝලික සභාවේ කන්‍යා සොහොයුරියන් මෙහෙයවන මධ්‍යස්ථාන වල මෙවැනි ළමුන්ට රැකවරණය සපයනවා නමුත් දැන් ඒ තත්වය සමහරවිට වෙනස් වෙලා ඇති. හොඳ වැඩක් කරද්දී ඒවාට එරෙහිව චෝදනා නගන උන්මන්තකයින් ගැන මම මෙතන අමුතුවෙන් ලියන්න ඕනෑ නැහැනේ...!

:       1       21

ShubhadraaMonday, 26 September 2022 03:55 PM

දැනට පරිවාස දෙපාර්තමේන්තුවේ බාර ගැනීමේ නිවාස පළාත් මට්ටමෙන් තියෙනවා. නමුත් ඒවාට නොදී සමහර අය විවිධ ක්‍රමයට දරුවන් බාර ගන්නවා පරිවාස හරහා ගත්තොත් යන්න වෙනවා ඒවා කරදර වැඩ... ඊළඟට එහෙම ගත්තම උප්පැන්නය ලියන වගන්තිය වෙනස් වෙනවා හරියට දන්න කෙනෙකුට මේ දරුවන් ගත්තු අයෙක්ද? නැත්නම් ස්වභාවික දෙමාපියන්ගේ දරුවෙක්දැයි දැනගන්න පුළුවන්... ඒවා සමහර මෝඩ නෑයින් සිටින පවුල්වලට ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉස්සර නම් තිබෙන උප්පැන්න සහතිකය රතුපාටින් වෙනස්කර දෙනවා. නමුත් දැන් අලුත්ම සහතිකයක් දෙනවා.

:       1       10

Sahara perera Monday, 26 September 2022 07:07 PM

දරුවා හදාගන්න ක්‍රමයක් නැතිනම්... ලංකාවේ කිසිම ක්ෂණික විසඳුමක් නැතිනම් දරුවා හදාවඩාගන්න දෙන්න නීත්‍යානුකූලව... ඒකෙ වැරැද්දක් නෑ.. අනේ මන්දා මොන නීතියක්ද අපේ රටේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site