IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු ලබන 04 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය අද (28) නියම කළාය.

මෙම සිද්ධියට පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයින් තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහු අධිකරණයට කැඳවා ප්‍රකාශයක් ගන්නැයි රහස් පොලිසිය අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුව මහෙස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට ප්‍රකාශයක් දුන් අතර ඒ පිළිබඳ නීතීපතිවරයාට දැනුම් දෙමින් තමන් ගතයුතු ඉදිරි පියවර කුමක්දැයි රහස් පොලිස් නිලධාරීහු උපදෙස් ඉල්ලා තිබිණි.

 



අදහස් (17)

දන්න දේ දැන ගන්න මෛත්‍රි උසාවි කැඳවයි

Indhika Thursday, 28 March 2024 08:03 PM

ඉක්මන් කරන්න වෙයි. අමතක වෙන්න ඉඩ තියෙනවා.

:       27       18

Prabha Thursday, 28 March 2024 08:11 PM

මේ මිනිහාටත් චන්දෙ දීලා ජනාධිපති කරපු රටක් මේක

:       24       42

Jay Thursday, 28 March 2024 08:17 PM

හිටන්, මේ පාර හිතුවට වඩා වැඩේ දුර ගිහින්. "අයියෝ සාමිනේ මාව බේරගන්න"

:       26       38

ranjith Thursday, 28 March 2024 08:56 PM

එදා හරියට තමන්ට පැවරුන වගකීම ඉටු කලෙත් නැහැ .තවමත් හැම දේම විහිලුවකට අරන් වගේ .රටේ අවාසනාවකට පහළවෙන නායකයෝ

:       11       45

Perakum Thursday, 28 March 2024 09:50 PM

පුස් වෙඩිල්ලකින් නිමාවන මාධ්‍ය සංදර්ශනයක්.

:       24       31

විජිත් Friday, 29 March 2024 12:03 AM

පතෝල සිරෝ, මේ නම් උඹගේ නරකම කාලයක්.කේන්දරේ බැලුවාද ? ලෝචනා නඩුකාර තුමිය කියන්නේ සියලු දෙනාම බොහොම ගරුකරන,බොහොම අවංක , නොනැමෙනසුළු , බොරුව ඉවසන්නේ නැති ,නිතිය නිතිය ලෙසටම ක්‍රියාත්මක කරන උතුම් මහත්මියක්. වෙන තැන්වල කළා වගේ එතුමිය ඉදිරියේත් උඹ පිස්සු කෙලියොත් උඹ ඉවරෙටම ඉවරයි.පෙනෙනවා නේද අර බෙහෙත් හොරකම් කරපු වානරයාට වෙලා තියෙනදේ ? සමහරවිට උඹව 4 වෙනිදාම කකුල් දෙකෙන් එල්ලන්නත් පුළුවන්.කුම්බලාමාලු කෑවානම් දැන් විඳවපන් කීවාලු ..නාකි හොර මයිනාගේ ලණුවක් කාපු උඹව එල්ලන්නම තමයි ඕනා.

:       48       43

හේමචන්ද්‍ර Friday, 29 March 2024 12:06 AM

මෙතුමා ජනාධිපතිවරණය එනකොට හිරේ ඉඳියිද. කියපුව ආපහු ගන්න බෑ. දැන් කරගත්තු මෝඩකමක් කියලා හිතෙනවා ඇති. ලැබෙන්න තිබුණ චන්ද පහත් දැන් නොලැබෙයි...කෙනෙකුගේ අවසාන කාලය ආවම මාරයා ආවේශ වෙලා මරු කියවනවා.

:       31       36

Perera Friday, 29 March 2024 04:01 AM

සැලැස්මේ විදියට වැඩේ යනවා වගේ

:       15       20

අරවින්ද මොනරවිල Friday, 29 March 2024 06:57 AM

සිරිසේන මහත්තයාට ඒ කරුණු ප්‍රසිද්ධියේ කියන්න බැරිලු, ජීවිත ආරක්ෂාවට තර්ජනයක් විය හැකිලු. ඒ නිසා අපි ගරු මහෙස්ත්‍රාත්තූමියගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ, සිරිසේන මහතා අදාළ ප්‍රකාශය කළ පසුව ඔහුගේ ජීවිත ආරක්ෂාව සදහා ඔහුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට හැකියාවක් තිබේදැයි සොයා බලන ලෙසයි.

:       11       44

Rohana Friday, 29 March 2024 01:17 PM

සිරාට පිස්සුද? දන්න දේ එදා කියන්නේ නැතිව අවුරුදු ගානකට පස්සෙ එලියට දාන්නෙ මොකටද ? ඡන්දෙට වැඩක් කරගන්න උනාට මේ ප්‍රකාශය දැන්කරන එක තමන්ටම පාරාවලල්ලක් වෙන බවයි මටනම් හිතෙන්නෙ.

:       14       12

පිටිගල මිලානෝ Friday, 29 March 2024 01:22 PM

එවන්න එපා එලියට නඩුව ඉවරවෙනකල්.

:       15       15

ගැමුණු Friday, 29 March 2024 02:51 PM

මේ කියපු දේ නිසා දැන් කොච්චර ප්‍රශ්න ඇතිවෙනවාද? ඒවාට උත්තර හදාගෙනද මේ කතාව කීවේ...? ඇයි මෙච්චර කල් මේක හැන්ගුවේ. වෙන කෙනෙක් කීවා නම් ඇයි ඔහු මේක හැන්ගුවේ...? ඕවා ඔක්කෝම දඬුවම් ලැබිය හැකි වරදවල්. මොන සැලසුමක් ඇතිව මේ කතාව කීවත් මේක මෙතුමාටම හිරේ යන්න වෙන කතාවක්. කාගේ හරි ලණුවක් කෑවත් හිරේ යන කතාවක්...! 

:       12       8

Ruhunu Friday, 29 March 2024 03:50 PM

දෙකක් දුන්නා නම් ඔක්කොම කියයි.

:       1       4

wedage Friday, 29 March 2024 04:35 PM

අර ඔබට සහ ගෝඨාභයට මරණ තර්ජන තියනවා කියපු නම කුමාර කෝ දැන් එයාව හොයලා තියාගන්න තොරතුරු ගන්න පුළුවන් වේවි...

:       1       6

බද්රානි Friday, 29 March 2024 07:22 PM

නොදන්නා නිසයි අහන්නේ.., ඔබලා හදවතින්ම ආලේ වඩන බය පක්ෂපාතී, අර දඩෝරියා කූඩුව ඇතුළේද..? එහෙම නැත්නම්, පශු වෛද්‍ය අංශය වෙත යොමු කරලාද..? එකපාරම කප්පාදු කරලා දැම්මා නම්, කාටවත් එයාගෙන් හිරිහැරයක් නැහැනේ...!

:       0       0

නිලන්ත Saturday, 30 March 2024 12:33 AM

හද්‍රානි, කප්පාදු කෙරුවා කියලා පිස්සු හැදෙනෙක එක වළක්වන්න බෑ...

:       0       1

Liyanage Saturday, 30 March 2024 10:30 AM

මෝඩකමට බෙහෙත් නැතේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අනුර කුමාරට ස්වීඩනයේදී උණුසුම් පිළිගැනීමක්
2024 අප්‍රේල් මස 27 379 1

ස්වීඩනයේ සංචාරයක නිරත වී සිටින ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්ටොක්හෝම්හිදී එරට වෙසෙන ශ්‍රී ලාංකිකයෝ උණුසුම් අයුරින් පිළිගත්හ.


මහරගමිනුත් කුඩු හමුවේ
2024 අප්‍රේල් මස 27 303 0

රුපියල් කෝටි දාසයක් වටිනා හෙරොයින් කිලෝ හතක් සමග පුද්ගලයකු අත් අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාශය පවසයි.


ඕස්ට්‍රේලියාවෙන් ලංකාවට ගුවන් යානයක්
2024 අප්‍රේල් මස 27 1195 2

ශ්‍රී ලංකාවෙි සාගර ආරක්ෂණ කටයුතු වෙනුවෙන් ගුවන් යානයත් පරිත්‍යාග කිරීමට ඕස්ට්‍රේලියාවේ විදේශ කටයුතු සහ වෙළෙඳ දෙපාර්තමේන්තුවේ (දකුණු සහ අග්නිදිග ආස


’’රනිල්ට ඉඩ දෙමු’’
2024 අප්‍රේල් මස 27 1821 12

’’රනිල්ට ඉඩ දෙමු,රට වටා යතුරු පැදි රැළිය’’ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය අසලින් අද(27) පෙරවරුවේ ඇරැඹිණි.


ඇමරිකා නැවකට ’’වැටෙන් එහා’’ සිට කන්න දෙයි
2024 අප්‍රේල් මස 27 2211 1

ඇමරිකා විශ්වවිද්‍යාලයක සිසුන් පිරිසක් රැගත් පර්යේෂණ නෞකාවකට ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුළු වීමට අවසර නොදීමට රජය තීරණය කර තිබේ.


බෝමිරියෙන් හමු වූ කුඩු ගැන තවත් තොරතුරු
2024 අප්‍රේල් මස 27 294 0

කඩුවෙලා බෝමිය ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් තිහක් සමගින් එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බව බියගම පොලිසිය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1740 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1575 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site