(නිශාන්ත කුමාර)
සෞඛ්‍යය අංශයන්හි උපදෙස් වලට අනුව දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය හා නැරඹුම් මැදිරිය අද (15) දින සිට සංචාරකයින් සඳහා විවෘත කළ බව සොරණාතොට ප්‍රාදේශීය සභාවේ සභාපතිනි ඩී එම් නදීකා ක්‍රිෂාන්ති දිසානායක මහත්මිය පැවසුවාය.
කොරෝනා වසංගතය සමඟ මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ වසා දමා තිබූ දුන්හිද දිය ඇල්ල මාර්ගය විවෘත කිරීමත් සමගම අද (15) දිනය තුළ පමණක් සියයකට ආසන්න සංචාරකයින් පිරිසක් දිය ඇල්ල නැරඹීමට පැමිණි බවද සභාපතිතුමිය වැඩිදුරටත් කියා සිටියාය.
ඒ සම්බන්ධයෙන් වැඩි වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිනිය මෙසේද කීවාය.
කොරෝනා වසංගත සමගම දුන්හිඳ දිය ඇල්ල සංචාරකයින් සඳහා වසා දැමීමට පියවර ගෙන තිබුණා .
මාස තුනකට ආසන්න කාලයක් එය වසා දැමීම නිසා ඒ ආශ්‍රිත මාර්ගය මෙන්ම නැරඹුම් මැදිරිය හා දිය ඇල්ල අවට ප්‍රදේශය කැලෑවෙන් වැසී ගොස් තිබුනා.
සභාව මගින් එම සියලු ස්ථාන සංචාරකයින්ට පහසු වන පරිදි සුද්ධ පවිත්‍ර කරනු ලැබුවා. ඊට පසුව එම ස්ථාන සඳහා අවශ්‍ය ජල සැපයුම් සම්පූර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවා.
ඒ සඳහා සෞඛ්‍ය අංශවල නිර්දේශ මේ වන විටත් ක්‍රියාත්මක කිරීමට එහි සේවක පිරිසට අපි උපදෙස් ලබා දී තිබෙනවා. සංචාරකයින් මීටරයක දුරක් පවත්වා ගැනීම , අත් සේදීම වැනි කටයුතු නිරීක්ෂණය අප සභාවේ නිලධාරීන් මගින් සිදු වෙනවා. අවශ්‍ය පහසුකම් අපි සලසා තිබෙනවා. එම නිසා කොරෝනා අවදානමට මුහුණ දෙමින් දිය ඇල්ල නැරඹීමට අවශ්‍ය පහසුකම් සැලසීමට අප කටයුතු කර තිබෙනවා.
විශේෂයෙන්ම දිය ඇල්ල නැරඹුම් මාර්ගය වසා දැමීමත් සමග සොරණාතොට ප්‍රාදේශීය සභාවේ ප්‍රධානතම ආදායම් මාර්ගය අැණ හිටි අතර ඒ ආශ්‍රිතව ජීවත් වූ විශාල පිරිසකට ද යන එන මං නොමැති තත්ත්වයට මුහුණ දීමට සිදුවුනා.
කෙසේ වෙතත් ඉදිරියේදී විශාල සංචාරක පිරිසක් මෙහි පැමිනේවි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොරෝනා වසංගතය මැඩලීම සඳහා අවශ්‍ය සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් ඔවුන් අපට අවශ්‍ය සහාය ලබාදෙනු ඇතැයි ද අප අපේක්ෂා කරනවා.‘‘
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
දුන්හිඳ දිය ඇල්ලේ නැරඹුම් මාර්ගය විවෘත කරයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 16 June 2020 07:35 AM
මනාලියක සේලේ වන් සුදුරැල්ල... මතකයට නැඟේ සුන්දර දුන්හිඳ ඇල්ල... පිණි පොද ඇඟේ වැදුණානේ වාරැල්ල... සොඳුරු සිත් එකතු කරවන සැනසිල්ල ...