
(අංජුල මහික වීරරත්න)
ලෝක සෞඛ්‍ය සේවාවේ මූලික අංගයක් ලෙස මුඛ සෞඛ්‍යය අර්ථ දැක්විය යුතු බව ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය අමතමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය කොළඹ “සිනමන් ලයිෆ්” හෝටලයේ දී පැවැත්විණි.
“නවෝත්පාදනය සහ ඩිජිටල් පරිවර්තනය වැළඳ ගැනීම” (Embracing Innovation and Digital Transformation) යන්න තේමා කර ගනිමින් මෙවර ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමයේ (SLDA) 92 වන වාර්ෂික විද්‍යාත්මක සැසිවාරය සංවිධානය කෙරිණි.
සමාජිකයන් 1,900 ක පමණ පිරිසකගෙන් යුත් ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය ශ්‍රී ලංකාවේ දන්ත වෛද්‍ය වෘත්තියේ ජාතික සහ මව් ආයතනය වන අතර මුඛ රෝග වැළැක්වීම, මෙරට දන්ත සත්කාර සේවා විධිමත් කිරීම, දන්ත වෛද්‍ය ක්ෂේත්‍රයට අදාළ අධ්‍යාපනය සහ පර්යේෂණවල ඉහළම ප්‍රමිතීන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම මෙන්ම සංගමයේ සාමාජිකයින්ගේ වෘත්තීය සංවර්ධනය මෙම සංගමයේ මුලික කාර්යභාර්යන් වේ.
ශ්‍රී ලංකාවේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන් 3,500 ක් පමණ සිටින අතර, බහුතරයක් රජයේ රෝහල්වල සේවය කරනු ලබයි. 300-400 ක් වැනි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ පමණක් සේවය කරනු ලබයි. 70-80 ක් අතර ප්‍රමාණයක් විශ්ව විද්‍යාල පද්ධතියේ සහ 50-60 ක් පිරිසක් ආරක්ෂක හමුදා අංශවලට සිය සේවා දායකත්වය ලබාදෙනු ලබයි.


2025 නොවැම්බර් මස 04
511
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2249
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1682
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දන්ත වෛද්‍යවරු විද්‍යාත්මක සැසියක