(විමුක්ති සංජය පෙරේරා- රිදීමාලියැද්ද)
(කේෂර ගුණතිලක - බුත්තල)
(රංජිත් කරුණාවීර - රිදීමාලියැද්ද)
(සටහන - විමුක්ති සංජය පෙරේරා)
මහියංගන රිදීමාලියද්ද ප්‍රදේශයට ඇදහැලුණු ධාරාණිපාත වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළං තත්වය නිසා නිවාස 31කට හානි සිදුවී ඇතැයි බදුල්ල දිස්ත්‍රික් අපදා ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
කුරුවිතැන්න, ආදාඋල්පොත, බුබුල යන ගම්මානවල නිවාසවලට හානි වී ඇති අතර රිදීමාලියද්ද, කන්දකැටිය, මීගහකිවුල යන ප්‍රදේශ විදුලිය බිඳවැටී ඇත.
රිදීමාලියද්ද ප්‍රදේශීය සභාවේ සභාපති ජේ. එම්. නිශාන්ත ජයසුන්දර මහතා පැමිණ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව නිවාස හා දේපල හානි සම්බන්ධව හැකි ඉක්මණින් තක්සේරු වාර්තාවක් ගෙන කඩිනමින් සහන සපයා දෙන ලෙසට අදාල නිලධාරීන් දැනුවත් කළ බව පැවසීය.
විදුලි රැහැන් යාථා තත්වයට පත්කිරීමට දින කිහිපයක් ගතවන බව විදුලිබල මණ්ඩලයේ නිලධාරීහු පැවසූහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
දැඩි සුළඟින් රිදීමාලියැද්දේ නිවාස රැසකට හානි