IMG-LOGO

දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි

 

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින විදුලි අර්බුදයට විසඳුමක් ලබාගැනීම සඳහා පුනර්ජනනීය බලශක්ති ක්ෂෙත්‍රයේ   ඕස්ට්‍රේලියා ආයෝජකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර සාකච්ඡාවක් කොළඹ ජනාධිපති කාර්යාලයේ දී අද (14) පැවැත්විණි.

ඕස්ට්‍රේලියානු ආයෝජකයන් ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීම සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික සහයෝගීතාවකට එළඹිය හැකි අවස්ථා පිළිබඳ මුලික සාකච්ඡාවක් මෙහි දී පැවැත්වුනු බව ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවට ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ඩේවිඩ් හොලි මහතා (David Holly) ඇතුළු ආයෝජකයෝ පිරිසක් එක්ව සිටියහ.

පවතින විදුලි අර්බුදයට විසඳුමක් ලෙසත්, අඛණ්ඩ විදුලි සැපයුමක් සහතික කර ගැනීම සඳහාත් පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ නව ආයෝජන දිරි ගැන්වීමට රජය ප්‍රමුඛ අවධානයක් යොමු කර ඇතැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.



අදහස් (4)

දිගටම ලයිට් දෙන්න ඔස්ට්‍රේලියාව සමඟ සාකච්ඡා අරඹයි

anura nanayakkara Wednesday, 14 September 2022 04:10 PM

කලයුතු ඉතා වටිනා දෙයක් ස්ට්‍රේලියානුවන් සූර්ය බලයෙන් සහ සුළං මගින් ජනනය වන විදුලි බලය සම්බන්දයෙන් ඉදිරියෙන් සිටී. ඔවුන් ඒ සම්බන්දව ඉතා පළපුරුදු ය.

:       2       38

Prase Wednesday, 14 September 2022 05:21 PM

ලඟඳීම වෘත්තීය සමිති කුලප්පු වෙන්න පුළුවන්.

:       1       26

idihot Wednesday, 14 September 2022 07:56 PM

මෙන්න රටේ සම්පත් විකුණනෝ කෝ වෘතීය සමිති

:       0       1

Lalith M Thursday, 15 September 2022 10:08 AM

මේ හැම දෙයක්ම විදේශීය ආයෝජන බලාගෙන දඟලන්න වෙලා තියෙන්නේ රටේ ධනපති භංග කල අතීත මෝඩ සමාජවාදය නිසා නේද? බණ්ඩාරනායක ප්‍රතිපත්තිය කියල සෑම දේම ජනසතු කිරීම මේ පවේ මුල්.ම හේතුව....

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 455 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 627 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 255 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site