IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ වී වේළති


(ජී. ඩබ්. කේ. ප්‍රේමතිලක ද සිල්වා)
 
අක්මීමන ගොවීන් මෙවර ලැබූ වී අස්වැන්න, දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ පින්නදූවේ මංතීරුවක කිලෝමීටර් දෙකක් තුනක් පමණ දුරක වියළෙනු පිණිස අතුරා තිබෙනු මේ දිනවල දැකිය හැකිය.
 
පුරන් කුඹුරු වගාකර අස්වැද්දවීම තුළින් මෙවර වාර්තාගත වී අස්වැන්නක් ලැබූ බවද, ලැබූ අස්වැන්න වේලාගැනීම සඳහා තම නිවාසවල ස්ථාන නොමැති බවද මේ හේතුවෙන් අධිවේගී මාර්ගයේ වී අතුරා වියළා ගැනීමට ක්‍රියාකරමින් සිටින බවද අක්මීමන ගොවීහු පැවසූහ.
 



අදහස් (8)

දක්ෂිණ අධිවේගයේ පිවිසුම් මාර්ගයේ වී වේළති

ආනන්ද පිටබැද්දර Friday, 04 September 2020 09:06 AM

රන්වන් කරල් පැසීලා පෙනේ. ඔබේ රන් දහඩියට නියම ප්‍රතිඵල. රටට ජයවේවා...!!!

:       1       70

කරු Friday, 04 September 2020 10:21 AM

ගොවියන්ට යහපතක් වෙනවා නම් අපටත් සතුටුයි..

:       0       69

K Perera Friday, 04 September 2020 10:40 AM

අනේද කියන්නේ! අපේ රටේ වගේ බහුතර, මෝඩ, නූගත් ඡන්ද දායකයන් මේ ලෝකයේ කිසිම රටකවත් නැත.

:       205       37

ISURU Friday, 04 September 2020 01:08 PM

මේකත් හරියට ඒ කාලේ දකුණේ වරායේ ගබඩා වේලා වී දැම්මා හා සමානයි..

:       16       39

Champa Friday, 04 September 2020 06:24 PM

මේ මොකක්ද? මේ ගොල්ලෝ නම් ලංකාවේ වී ගොවියන් වෙන්න බැහැ. ලංකාවේ ගොවියෝ ගොයම් ගහට, වී වලට පණ වාගේ ආදරේ මිනිස්සු. මේක මේ කවුරු හරි කියලා කරවපු දෙයක්. වී ගොවියෙක් කිසි දවසක පාරේ නිකම් බිම වී දාන්නේ නැහැ. අනිත් එක කුඹුරු තියෙන මිනිස්සු ගාව මාගල් තියෙනවා. කුඹුරු තියෙනවා වේලන්න ඉඩ නැහැ කියන එක ටිකක් පිළිගන්න අමාරු දෙයක්. වී ගොවියෙකුගේ ගෙදර අඩු ගානේ පැදුරු හරි තියෙනවා. අනික වී ගොවියෙක් කවදාවත් පැදුරකවත් නැතුව මේ විදිහට වී බිම දාන්නේ නැහැ. ඊටත් දූවිලි තියෙන පාරක? ඊටත් වඩා පුදුමය ඉදල්. කුණු අතුගාන ඉදල්වලින් වී එහා මෙහා කරනවා මම නම් අදමයි දැක්කේ. මේක මේ කවුරු හරි කියලා කරවපු දෙයක්. මේක නම් කන බත් පතටත් කළ අගෞරවයක්...

:       0       26

damith Saturday, 05 September 2020 01:17 AM

බනින්නම් කියලා ආවේ, ඒ වුණාට පුරන් කුඹුරු අස්වද්දලා කියලා නේද? දැක්කාම සන්තෝෂයි ගොඩක්..

:       0       0

Kap Saturday, 05 September 2020 05:38 AM

වගාව දියුණු කරන්න, පුරන් කුඹුරු වගා කරන්න කියලා බෙරිහන් දුන්නාට කිසිම පහසුකමක් නෑ, මේ මිනිස්සු යල් පැනපු, ඉතා අපරීක්ෂාකාරී, නොදියුණු, සෞඛ්‍යයට අහිතකර ක්‍රම අනුගමනය කරන්නේ.. මේවා දියුණු කරන කම් මේ රට කෘෂිකර්මාන්තයෙන් උඩට එන්නේ නෑ...

:       0       6

Nandalal DE SILVA - France Saturday, 05 September 2020 08:49 AM

ඊටපස්සේ ඔය වේලුණු වී ගෝනි ගබඩා කිරීම සඳහා මත්තල ගුවන් තොටුපළ යොදාගැනීමට රජයේ අවධානය ලැබේවිද කියන එක නම් සැක සහිතයි. අපරාදේ ගොවියන් මහන්සි වෙලා වේලපු වී තොග වෙන සතුන්ට ආහාරයක් වේවා කියා පතමු..

:       1       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 165 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 151 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 958 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site