IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණේ ලේකම්වරුන් දහයකට මාරු

(සුජිත් හේවාජුලිගේ)

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති අවස්ථාවක දකුණු පළාතේ ගාල්ල මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරු දස දෙනෙක් එම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින්  වහාම ක්‍රියාත්මක වන පරිදි මාරුකර යවනු ලැබ සිටිති.

දිවයිනේ සියලු පළාත් පාලන ආයතනවල( බෙන්තොට හැර) නිල කාලය අවසන්වීමත් සමග ඒ ආයතනවල පාලනය පෙරේදා(19) මධ්‍යම රාත්‍රියේ සිට පවතින්නේ නාගරික කොමසාරිස් වරුන් සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් යටතේය.

මේ සම්බන්ධයෙන් අප දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් සහ මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය අනුව පළාත් රාජ්‍ය සේවා කොමිසම මෙම මාරු කිරීම් කළ බවයි.

මාරු කර යැවුණු නගර සභා සහ ප්‍රාදේශීය සභා ලේකම්වරුන් වැඩබලන පදනම යටතේ සිටි අය බවත් කළමනාකරණ සේවා අධි ශ්‍රේණියේ ස්ථිර නිලධාරීන් දස දෙනකු පත් කිරීම සඳහා මෙම ස්ථානමාරුවීම් කළ බවත් ඔහු සඳහන් කළේය.

නව නිලධාරීන් දසදෙනා පත් කෙරෙන්නේ විශේෂ පුහුණුවකින් පසුව බවද දකුණු පළාත් පළාත් පාලන කොමසාරිස්වරයා කීවේය.

මේ සම්බන්ධයෙන් අප අතිරේක මැතිවරණ කොමසාරිස් ( නීති) චින්තක කුලරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තමා මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමක් කරන බවයි.

මේ සම්බන්ධයෙන් අප පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ බොහෝ දුරට මෙය දේශපාලන හේතු මත කළ මාරු වීමක් විය හැකි බවයි.

සාධාරණ හේතු තිබුණද මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති සහ නගර සභා ප්‍රාදේශීය සභා ලේකම්වරුන්ට බලය පැවරී ඇති අවස්ථාවක මෙසේ මාරු කිරීම් කිරීම නොකළ යුතු දෙයක් බව පැවසූ හෙට්ටිආරච්චි මහතා මෙමගින් වැරදි පණිවුඩයක් සමාජගත විය හැකි බවද සඳහන් කළේය.

 



අදහස් (2)

දකුණේ ලේකම්වරුන් දහයකට මාරු

අසාධාරණ Tuesday, 21 March 2023 09:01 AM

පුවතට අනුව නම් කරල තියෙන්නෙ සුදුස්සාට සුදුසු තැන දීමක් කියලා පැහැදිලියි අධිශ්‍රේනියේ නිළධාරින් සිටිද්දී සුදුසු කම් සම්පූර්ණ නොකල නිළධාරින් ලේකම් ලෙසට පත්කර කලකට පෙර කරල තියෙන්නෙ බරපතළ වරදක් වෙනවා දැන් වත් එය නිවැරදි කිරීම රාජ්‍ය සේවයේ ගරුත්වය රැකීමක් කියන්න පුළුවන් මැතිවරණය අවස්ථාවක බලය ලත් නිළධාරින් ලෙසට සුදුස්සෝ පත්කිරීම වැරදියි කීමත් තමන්ගෙ වාසියට කියන කතාවක් කියන්න පුළුවන්

:       0       3

ගජමිතුරු Tuesday, 21 March 2023 12:47 PM

විධායක අධ්‍යක්ෂවරයා ප්‍රේමදාස ජනාධිපති කාලයේ ඉන්න ඇති කියලා හිතනවා හිටියනම් 1989 ජනාධිපතිවරණය වෙලාවෙ ජනාධිපති තනතුර සදහා ජනතාව වඩාත් පිළිගන්න දෙදෙනෙක් එජාපයේ හිටියා එතුමන්ලා මැතිවරණ දිණුවා නමුත් ප්‍රේමදාස මහතා ඒ දෙදෙනාම ඉවත්කර හිටපු සමුපකාර පරීක්ෂක විජේතුංග අගමැති කලා මොකටද ජනාධිපතිවරයාට පාලනය පහසුව සදහා .ඒ වගේම තමයි නිළධාරින් දසදෙනා මාරුකල සභාවල හිටපු සභාපතිලා ඔවුන්ට හිතවතුන් වංචා දූෂණ කරගෙන යාමට සුදුසුකම් නැතුව ලේකම් ලෙසට තියාගෙන ඉන්න ඇති .එනිසා ඔවුන් තවදුරටත් ඒවායේ හිටියොත් හිටපු පාලකයන්ට අවශ්‍ය ලෙසට ඔවුන් කටයුතු කරාවි එසේනම් එය හොදයි කියලා අධ්‍යක්ෂතුමා පිළිගන්නවා නම් කණගාටුවෙන් වුනත් ඔබතුමා පොහොට්ටු පාක්ෂිකයෙක් ලෙස හිතන්න වෙනවා

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site