IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන

 (අමිල සම්පත් ශ්‍රී)

දකුණේ ප්‍රබල දේශපාලනඥයකු තරග විභාගයකින් තොරව කොරියා රැකියා දෙන බව පවසා තරුණයන් 500කගෙන් රුපියල් කෝටි දෙක හමාරකට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් තවමත් රැකියා සඳහා කිසිවකු ඵරටට යවා නැතැයි තරුණයෝ පිරිසක් චෝදනා කරති.

රජය හරහා විභාගයකින් තොරව කොරියාවේ රැකියා දෙන බව පවසා එම දේශපාලනඥයා  එක් තරුණයකුගෙන් රුපියල් 40ල000 බැගින් තරුණයන් 500කගෙන් මෙසේ මුදල් ගෙන ඇතැයි පවසන මෙම තරුණයෝ රුපියල් 1500 බැගින් අයකර  පුහුණුවක් දුන් බව ද සදහන් කරති. 

දින හයක් පැවැති කොළඹ මාකොළ ප්‍රදේශයේ දින හයක් පැවැති පුහුණුවට තරුණයන් හැට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගි කරවූ බව ද මෙම තරුණයෝ සඳහන් කළහ.

විභාගයකින් තොරව කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ  රැකියා අවස්ථාව කඩිනමින් ලබාදෙන බවත් දිස්ත්‍රික්කයකට  රැකියා පනහක් ලැබී ඇති බවත්  එම දේශපාලනඥයා පැවැසූ බවද ඔවුහු කියති.

වතුකරයේ තරුණයන් කොරියානු රැකියා සඳහා පිටත් වුවහොත් දළු කැඩීමට බාධාවන හෙයින් වතුකරයට ලැබෙන රැකියා තිස්සමහාරාමයට ලබා ගැනීමට කටයුතු කළ බව දේශපාලනඥයා තරුණයන්ට පවසා ඇතැයි ද කියති.

පුහුණුවට ගිය සෑම තරුණයකුම පොලිස් වාර්තාව ඇතුළු ලියකියවිලි මෙම දේශපාලනඥයාට බාර දී මාස දෙකක් ගතවී ඇතත් තවමත් එක් තරුණයකු හෝ කොරියානු රැකියාව සඳහා යවා නොමැති  බැවින් වියදම්වූ මුදල් ලබා ගැනීමේ අවිනිශ්චිත තත්වයක් මතුවී ඇතැයි තරුණයෝ සඳහන් කළහ.

 

 

--



අදහස් (6)

දකුණේ දේශපාලකයෙක් කොරියාව පෙන්වා කෝටි 3 ක් ගරාගෙන

පිටරටවැසියා Thursday, 25 April 2024 07:36 AM

මොකාද මේ තක්කඩි අපතයා? නම දාන්න බැරිද??

:       0       17

Senarath Thursday, 25 April 2024 08:55 AM

මේ වංචා කාරයන්ට නමක් නැතිද?

:       0       10

සෙනෙවිරත්න Thursday, 25 April 2024 10:46 AM

මේ අර ගාල්ලේ ....?? මෑනුත් බැහැලා ඉන්නවා විදෙස් රැකියා සීන් එකේ.

:       0       9

Prathap Thursday, 25 April 2024 12:00 PM

මනූෂ ගේ වැඩක් නේද

:       0       8

sugath Thursday, 25 April 2024 12:57 PM

දමිතා වගේ හිරේ දාවි නේද?

:       0       7

නිමල් Thursday, 25 April 2024 06:55 PM

දමිතාට ලක්ෂ 40ට නඩු. ලක්ෂ 500ට මෙයාට නඩු නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 433 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 239 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1030 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site