IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


දකුණේ ගම් රැසක දරුවන්ගෙන් සියයට 80 කට මන්ද පෝෂණය

(දිලීප් ජයසේකර)

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සූරියවැව ඇතුළු ප්‍රදේශ රැසක දරුවන්ගෙන් සියයට අසූවක්ම මන්ද පෝෂණ තත්වයට ගොදුරු වී තිබෙන බවත්  ඊට නිසි විසදුම් ලබා දිමට කඩිනම් පියවරක් ගත යුතුව ඇති බවත්,එසේ නොවුනහොත් දරු පරපුර දරුණු අඝාදයකට ඇදවැටෙණු ඇති බවත් වෛද්යි හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ සභාපති,හම්බන්තොට හිටපු සෞඛ්යද සේවා අධ්‍ය ක්ෂ වෛද්‍ය  ජී.ජී.චමල් සංජීව මහතා පැවසීය.
වෛද්‍ය  හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සංධානයේ නියෝජිතයින් පිරිසක් විසින් පෙරේදා (19) සූරියවැව වල්සපුගල කොස්වගාව ගම්මානයේ ජනතාව පිළිබදව සිදුකළ සමාජ සමීක්ෂණයකදී මේ බව අනාවරණය වී තිබේ. මෙහිදී වෛද්‍යවරුන් පිරිස විසින් ගම්මානයේ පදිංචි ජනතාවගේ නිවෙස් වෙත ගොස්  එහි සිටින දරුවන්ගේ සෞඛ්යන තත්වය හා පෝෂණ තත්වය පිළිබදව සොයා බැලීමක නිරත වූ අතර  එහිදී අනාවරණය වූ තොරතුරුවලට අනුව  වෛද්‍ය  ජී.ජී.චමල් සංජීව මහතා මේ බව සදහන් කළේය.

එහිදි වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසිය.

අප කල නිරීක්ෂණයේදී අපට මේ දරුවන්ගේ සෞඛ්ය. තත්වය හා පෝෂණ තත්වයන් පිළිබදව කරුණු රැසක් අනාවරණය කර ගැනිමට හැකි වුණා.විශේෂයෙන්ම කියන්න ඕනේ මේ ජනතාව සමග අපි කතා කලාම අපට අනාවරණය වුණු එක් කරුණක් තමයි ගෙවුණු මාස හයක කාලයක සිට තමයි ජනතාව මේ තත්වයට පත්වෙමින් තිබෙන්නේ කියන එක.

එහිදී දෙමාපියන් අපත් සමග කිව්වේ සතියකට දවස් දෙක තුනක් තමයි කුළියකට යන්න තියෙන්නේ.ඉතින් ඒ ලැබෙන මුදල ලයිට් බිල් වතුර බිල් ගෙවුවම ඉවරයි. ඉතුරු වෙන කියකින් හරි බඩවියත රැකගන්න හාල් පොල් ටිකක් ගන්නකොට මස් මාලු බිත්තර ගන්න පුළුවන් කමක් නෑ කියලයි.

මේ ගමේ ඇවිද ගිය අපට නිවෙස් දෙක තුනක් විතරයි හමු වුනේ මාසෙකට දවස දෙක තුනක්වත් බිත්තරයක් කන පවුලක්.හැමෝම කිව්වේ බිත්තර මස් මාළු කන්න තියා එදිනෙදා ජිවත් වීම පවා මේ වන විට අසීරු වී තිබෙන බව  පැවසුවේය.



අදහස් (4)

දකුණේ ගම් රැසක දරුවන්ගෙන් සියයට 80 කට මන්ද පෝෂණය

සඳුන් Tuesday, 20 September 2022 05:54 PM

සූරියවැව දරුවන්ගේ මන්දපෝෂණය වගේද ජාත්‍යන්තර ක්‍රීඩාංගණය හා වටේට තිබෙන ලෙවල් එකට හදල තියෙන පාරවල් ටික. ඉදිරියට තව තවත් වම්බොට්ටාලා බිහිවෙයි. උණුත් කඹුරයි හොරුන්ගේ ඊගාව පරම්පරාව ගොඩදාගන්න.

:       0       2

මරිසිපාල Tuesday, 20 September 2022 06:19 PM

දිගුකලක් ජනාධිපති කෙනෙක් හිටපු එම පරම්පරාවෙ නිජබිම වුනු වත්මන් විපක්ෂ නායකයා වැඩ කරපු ඔටුන්න හිමි කුමාරයා හෙවත් වෙන්න ජනාධිපති සිටින හම්බන්තොට ජනතාව හැමදාම දුක් විදිනවා .ජනාධිපතිලා ඇමතිලා රොත්ත බුරුත්‍ත පිටින්ම රටේ සම්පත් වලට අමතරව විදේශ ණයත් අරගෙන ගසාකාලා ඉවරයි ඒක එහෙම වුනාට තවමත් මිනිස්සු කුසට අහරක් නැතත් මහින්ද මහත්තෙයා කිව්වොත් ඉල්ලුවොත් බලන්න ඉහලින්ම දිනන්නෙ නැද්ද කියලා එහෙමයි අපේ මිනිස්සු නිවටයින් වෙලා ඉන්නෙ දොස්තර මහත්වරුත් යහපාලනය කාලයේ කරපු සෙල්ලම් මේවාට හෙතුවුනේ නැහැ කියන්න පුලුවන්ද

:       0       2

සිල්වා Wednesday, 21 September 2022 09:07 AM

දකුණ කියන්නේ රාජපක්ෂලාගේ රාජධානිය යි. එබැවින් රාජපක්ෂලාගේ පුද්ගලික ධනයෙන් මේ ප්‍රශ්නය විසදන්න හැකි යි.

:       0       2

dhamneth Wednesday, 21 September 2022 10:55 AM

ඔය මන්දපෝශන දරුවන්ගෙ තාත්තලගෙන් බහුතරයක් තමන් උපයන මුදලින් 50% කටත් වැඩිය මත්පැන්වලට නාස්තිකරන අය නොවෙයිද කියා සොයාබලන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 361 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site