IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


දකුණු අප්‍රිකා මහ කොමසාරිස් කථානායක හමුවෙයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් සැන්ඩිල් එඩ්වින් ෂාල්ක් මහතා සහ  කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අතර හමුවක් පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකාව දකුණු අප්‍රිකාව සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා 1994 දී ආරම්භ කළ බවත්, වෙළඳ, සංචාරක මෙන්ම පුරවැසි සබඳතා යන ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සාකච්ඡාව අතරතුරදී කථානායකවරයා එහිදී අවධාරණය කළේය.

දකුණු අප්‍රිකාවේ සංහිඳියා යාන්ත්‍රණය සාමයේ වැදගත්කම පිළිබඳව ලෝකයට ප්‍රමුඛ පණිවිඩයක් ලබා දෙන බව සඳහන් කළ කථානායකවරයා ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහයෝගය දැක්වීම පිළිබඳව දකුණු අප්‍රිකානු රජයට කෘතඥතාවද පළ කළේය.

දකුණු අප්‍රිකානු රජයේ අඛණ්ඩ ප්‍රතිසංස්කරණ හා සංවර්ධන ප්‍රයත්නයන් පිළිබඳව මහ කොමසාරිස්වරයා මෙහිදී පැහැදිලි කළ අතර, එමඟින් සංහිඳියා යාන්ත්‍රණයන් ඉදිරියට ගෙන යන අතරම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමද අරමුණු කොට ඇති බවද සඳහන් කළේය. 



අදහස් (0)

දකුණු අප්‍රිකා මහ කොමසාරිස් කථානායක හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 546 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2259 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1692 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site