( බී.ජී.චතුරංග )
පරම්පරා කීපයක සිට ථූපාරාම පුදබිමේ වෙළඳාමේ නිරතව සිටින වෙළදුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමග අද (21) එම ස්ථානයට රැස්වූ වෙළන්දෝ ඊට සිය විරෝධය පළ කර සිටියහ.
ථූපාරාම පෙත් මගේ වෙළඳාම කරමින් සිටියදී, තමන් ථූපාරාම රථ ගාල අසලට යොමු කිරීමත් සමග රුපියල් ලක්ෂයකට ආසන්න මුදලක් වැය කර එම වෙළෙඳසල් ඉදි කළ බවත්, විදුලිය ලබා ගෙන විදුලි බිල් ගෙවමින් නගර නගර සභාවට කඩ කුලී ගෙවමින් තමන් මෙතෙක් වෙළදාම සිදු කළ බව ඔවුහු මෙහිදී පැවසූහ.
අනුරාධපුර පූජා නගරයේ සමාධි පිළිමය, ලංකාරාමය, රුවන්වැලිසෑය ඇතුළු බොහෝ ස්ථානවල වෙළඳුන් හට මේ වන විට ස්ථිර වෙළෙඳසල් ඉදි කර දි ඔවුන් වෙළදාමේ නිරත වන බවත්, ථූපාරාමය අසල වෙළඳාමේ නිරත තමන් ඉවත් කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ වන විට අන්ත අසරණ වී ඇති බව එම වෙළඳුන් පැවැසූහ.
අනතුරුව වෙළෙන්දන් සමඟ සාකච්ඡා කළ නිලධාරීහු ලබන අඟහරුවාදා වන තෙක් කල් ලබා දී එම ස්ථානයෙන් පිටව ගියහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ථුපාරාම පුදබිමේ වෙළෙදසැල් ඉවත්කිරීමට යාම ගැන විරෝධය