IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තේ පෝර අඩු කරන ගිවිසුම හෙට අත්සන් කරයි

(අංජුල මහික වීරරත්න)

තේ වගාවේ අස්වනු ඉහළ නැංවීම සඳහා සහන මිලට තේ පොහොර ලබාදීම සඳහා වන ගිවිසුමට හෙට අත්සන් කරනු ලබයි.

තේ මණ්ඩලය ,කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය  සමඟ ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගම මේ සඳහා ගිවිසුම් ගත වීමට නියමිත අතර ගිවිසුම අත්සන් කිරීම බත්තරමුල්ල කෘෂිකර්ම හා වැවිලි  කර්මාන්ත අමාත්‍යාංශයේදී හෙට (29)සිදු කෙරෙයි.

තේ වගාව සඳහා යොදන ටී -750, ටී- 709 සහ ටී- 200 යන පොහොර වර්ග සියල්ලේම මිල රුපියල් 2000 කින් අඩු කිරීමට කෘෂිකර්ම  හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කළේය.

දැනට වෙළෙඳ පොලේ පවතින මිලට වඩා සියයට 50කින් පොහොර මිල අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 

මේ අනුව ටී-750 සහ ටී - 709 පොහොර මිටියක මිල රුපියල්  7735 දක්වාත් T-200 පොහොර මිටියක මිල රුපියල් 5500 දක්වාත් අඩු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත  අමාත්‍ය මහින්ද අමරවීර මහතා  රජයට අයත් පොහොර සමාගම්  දෙකේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතාට උපදෙස් දුන්නේය.

 



අදහස් (7)

තේ පෝර අඩු කරන ගිවිසුම හෙට අත්සන් කරයි

සෙනෙවිරත්න Sunday, 28 January 2024 02:15 PM

ගිවිසුම හෑල්ලුවට ලක්කරනවා නෙවෙයි.., මම T 750 ගත්තේ 7750/=කට බවර් වර්ගයේ ගිය මාසේ... එතකොට මෙ මිල අඩුවීම...?

:       0       4

ravinSunday, 28 January 2024 03:52 PM

යාලුවා ඕවට තමයි කියන්නේ දේශපාලන මැජික් කියලා. එතකොටනේ නම තියෙන්නේ. බොරු නම් බලන්න ඔය හැම බිල්ඩිමෙන්ම නම කොටලා තියන පාලනයක් තියෙන්නේ...!

:       1       0

Lakmal Sunday, 28 January 2024 02:18 PM

පෝර ප්‍රවාහනය දුම්රියෙන් කරන්න. පෝර ලොරිවල හැප්පිලත් තව මිනිස්සු මැරෙයි...

:       2       3

prasad Sunday, 28 January 2024 02:32 PM

ඇයි පෝර කියන්නේ? පොහොර කියලා කියැවෙන්නේ නැත්ද? දෙමළ අයට සිංහල ශබ්ද කරලා කියවන්න බෑ පෝර කියලා කියන්නේ...!

:       4       1

අබිලින් Sunday, 28 January 2024 03:25 PM

සිංහල භාෂාව හොඳින් ඉගෙනුම ලැබුවෝත් ඔහොම කියන්නේ නැහැ... ප්‍රසාද් මැතිතුමා සිංහල දෙමළ බේදයක් නැතුව ජනතාව පෝර කියලා කියනවා ලියනකොට සමහර දෙනෙක් පෝර කියද්දී තවත් පිරිසක් පොහොර කියනවා...

:       0       0

ranjith Sunday, 28 January 2024 03:25 PM

ඉතා හොඳ දෙයක්...

:       0       1

H.G.M.De.Fonseka Monday, 29 January 2024 02:14 AM

පෝර මිල අඩ්‍ර කිරිම හෝදයි තේ ගසකින් වසරකට ම තේ දල්‍ර උපරිම පලදාව කිලෝ. 3 දැනට ලබන්නේ කිලෝ 1 (ගස් ගනන සහ 2023 ජනවාරි සිට දෙසැමිබර් දක්වා කඩන ලද දළු ගනන බලා එක ගසකින් කඩන ලද දඵ ගනන බැලිමෙන් දැන ගත හැක) වතු සාමාගමි සියල්ලම තේ ගසකින් කඩන ලද දඵ ප්‍රමානය කිලෝ 1 ටත් අඩ්‍රය වගකිමෙන් මා කියනවා පොර දිමට පෙර පසේ pH අගය බැලිය ය්‍රතුය එක තේ ගසකින් වසරකට කිලෝ 2 ලබා ඇති අය බලා පෝර ටික තව අඩ්‍රකර දෙන්න නැතිව දිමෙන් පලක් නැන වතු සාමාගමිඩවල මෙම දත්ත වගකිව ය්‍රක්තන් රජය ලාබා ගත ය්‍රතුව ඇත වතු සාමාගමි වල තේ ගස් ඇති ප්‍රමානයේන් වත්තේ පදිංවි අය ට අක්කරය බැගින් එක පව්‍රලකට පිට දඵ සදහා ගෙවන මිලේන් 75% ගේවිමත් සිද්‍රකරන්න මෙය සාර්ඵක ක්‍රමයකි මෙය 1970 දි දෙනියායේ එන්සල්වතු යාය මගින් කරන ලද්දකි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site