(ජේ ඒ එල් ජයසිංහ, චන්දන උඩුවාවල සහ ධම්මික ගුණවර්ධන)
මධ්‍යම පලාත් සෙෘඛ්‍ය අමාත්‍යාංශයට අයත් තෙල්දෙණිය මුලික රෝහලේ ගැබිණි වාටිටුවට ඉහලින් පිහිටි පස් කන්දක කොටසක් වාට්ටු ගොඩනැගි්ල්ලට කඩා වැටීම නිසා රෝහල් වාටිටුවෙි නේවාසිකව පුතිකාර ලබමින් සිටි ගැබිණි මවුවරුන් විසිදෙනෙකු පමණ ඔවුන්ගේ ආරක්ෂාව පතා මහනුවර ජාතික රෝහල වෙත මාරුකර යැවීමට රෝහල් පාලනාධිකාරිය පියවර ගනු ලැබීය.
මෙම අනතුරු දායක තත්ත්වය නිසා එම ගැබිණි වාටිටුව තාවකාලිකව වසා දමා ගැබිණි මවුවරුන් මහනුවර ජාතික රෝහලට මාරු කර යැවීමට පියවර ගත්තේ ගැබිණි මවුවරුන්ගේ අරක්ෂාව පිළිබදව අවධානය යොමු කර බව තෙල්දෙණිය රෝහලේ කාර්ය භාර වෛද්‍ය නිලධාරියෙක් පැවසීය.
පවතින අනතුරුදායක තත්ත්වය යටතේ රාතීු කාලයට අධික වර්ෂාව ඇතිවුවහොත රෝහල් භුමියේ ඉහළ කොටසේ පස් කන්ද කඩා වැටීමෙි අනතුුරුදායක පවතින බව රෝහල් කාර්ය මණ්ඩල පුකාශකයෙක් කීය.
ගැබිණි මවුවරුන්ගේ ආරක්ෂාව තකා රෝහල් පාලනාධිකාරිය ගත් කිුයා මාර්ගය යහපත් බව රෝහල අවට පදිංචි කරුවන් පැවසීය.
පවතින තත්ත්වය යටතේ ඉදිරියටද අධික වැසි සහිත තත්ත්වයක් ඇතිවී පස් කන්ද තවදුරටත් කඩා වැටෙන්නට පෙර එම ස්ථානය කඩිනමින් පිළිසකර කිරීමට පියවර ගත යුතු බව රෝහල් කමිටුවේ නිලධාරිකේ කී.
2025 දෙසැම්බර් මස 30
102
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
739
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
365
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
තෙල්දෙණිය රෝහලේ ගැබිණි වාටිටුවට පස් කන්දක් කඩා වැටෙයි