ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රකට ව්‍යාපාරිකයකු හා දේශපාලනඥයකු වන ආචාර්ය තිලංග සුමතිපාල මහතා පත්කරනු ලැබ ඇත.
මැලේසියාව පදනම් කරගත් ඒෂියා කැපිටල්හි ආයෝජක ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් මහතා සමාගමේ නව ප්‍රවේශය පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඉතා දක්ෂ පරිපාලන හැකියාවක් ඇති නායකත්වයේ විශිෂ්ටයකු ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම නව මානයකට ගෙන යාම සඳහා සභාපතිවරයා ලෙස පත් කරනු ලැබ ඇති බවයි.
“ඒෂියා කැපිටල් සඳහා අපගේ පොදු නව මූලෝපායික දිශානතිය මෙහෙයවීමේ නායකයා වන තිලංග සුමතිපාල මහතා ඉදිරි දශකයේ පශ්චාත් වසංගත අවධිය සඳහා ආසියා ප්‍රාග්ධනය සඳහා වේදිකාවක්ද නිර්මාණය කරනු ඇතැයි ද ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් මහතා පැවැසීය.
ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත පොදු සමාගමක් වන ඒෂියා කැපිටල් සමාගම විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගනිමින් ඔවුන්ව ශ්‍රී ලංකාවේ ආයෝජනය සඳහා පොළොඹවන ප්‍රකට පෙළේ මූල්‍ය හා උපායමාර්ගික සැලසුම් සපයන කීර්තිමත් සමාගමකි. මවු සමාගම සතුව ආයතන 12ක් ක්‍රියාත්මක අතර සුඛෝපභෝගී පරිසර හිතකාමී හෝටල් 5ක්ද සමාගමට අයත් වේ. බිලියන 4කට වැඩි ප්‍රාග්ධන වටිනාකමක්ද සමාගම සතුවේ.
“තිලංග සුමතිපාල මහතා ටෙලිකොම් සභාපතිවරයා වශයෙන් සිටිමින් කළ සේවය අතිවිශිෂ්ටයි. එතුමන් එය ලාභ ලබන ආයතනයක් බවට පත්කළා පමණක් නොව, මොබිටෙල් ආයතනයද පවරා ගනිමින් සන්නිවේදන විප්ලවයක්ද ශ්‍රී ලංකාව තුළ සිදුකළා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකවරයා වශයෙන්ද, රාජ්‍ය අමාත්‍යවරයකු වශයෙන්ද ඔහු ශ්‍රී ලංකාවට විශාල සේවයක් ඉටුකර තිබෙනවා. ඒෂියා කැපිටල් සමාගමේ උපායමාර්ගික නව දිශාවට ඔහුගේ නායකත්වය ලැබීම අප සියලු දෙනාම ලැබූ විශාල භාග්‍යයක්”. ඩැටෝ ශ්‍රී විජය ඊශ්වරන් මහතා වැඩිදුරටත් පැවසීය.
ඒෂියා කැපිටල් සමාගමේ සභාපතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසු ආචාර්ය තිලංග සුමතිපාල මහතා පවසා සිටියේ ආසියාව පුරා පිළිගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන ඒෂියා කැපිටල් පී.එල්.සී. සමාගම සඳහා ශක්තිමත්, තිරසාර සංවර්ධන පදනමක් සැකසීම සඳහා තමන් සතු වෘත්තීය සුදුසුකම් හා පලපුරුද්ද උපරිම වශයෙන් යොදාගන්නා බවය. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම පිළිගත් සන්නාමයක් ලෙස ඒෂියා කැපිටල් සමාගම මෙතැන් සිට වැජඹෙනු ඇතැයිද ඒ මහතා සදහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් ඉවරයි..
මෙයා කොහොමද ආචාර්ය වුනේ?
සුබ පැතුම් වෙන මොනා කියලා කියන්නද
තාම තනතුරු ගන්නවනේ. දෙනවනේ
ඔහොම ආචාර්යලා ලංකාවේ හරියට ඉන්නවා,
කිසිදෙයක් කරගන්න බැරි කෙනෙක් ඒෂියා කැපිටල් කරයි ?
ඉවරයි... කැපිටල් එක ඉක්මනටම සිම්පල් වෙන්න පුළුවනි...!!!
ඇයි... ක්‍රිකට් වලටත් අති විශිෂ්ඨ සේවාවක් කළේ?
බුකී කාරයෙක් ...!
වැඩ බලාගන්න පුළුවන් වෙයිනෙ
ඒකටත් අබ සරණයි
විජය ඊශ්වරන් කියන්නේ Gold quest international සභාපති... එක නෙට්වර්ක් මාර්කටිංග් කියලා ලංකාවේ තහනම් කරපු ආයතනයක් නේද?
1990 දශකයේ ක්‍රිකට් පරිපාලනයට එක් වූ මෙතුමාගේ කෙරුවාව පිටරට්ටු කෙසේ වෙතත් අපි නම් දනිමු.
ෆොටෝ එක මාරු කරලා කබරයෙකුගේ ෆොටෝ එකක් දාන බැරිද