IMG-LOGO

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා


තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

(රෝෂන් තුෂාර)

රුපියල් මිලියන 194ක බදු මුදලක්  නොගෙවා පැහැර හැරියේ යැයි කියන  අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල  විත්තිකරුට වැට් බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන්  නොවැම්බර් 25 දින අධිකරණයේ  පෙනී සිට කරුණු දක්වන  ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  සජිවිකා ඉයන්දල මහත්මිය සිතාසී නිකුත් කරමින් නියෝග කළාය.

අවුරා ලංකා සමාගම වෙනුවෙන් 2019 තුන්වෙනි කාර්තුව සඳහා ලබා දිය යුතු වැට්  බදු වාර්තා ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම සිතාසිය නිකුත් කළාය.

දෙශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දිනේෂ් පෙරේරා මහතා කරුණු දක්වමින් කියා සිටියේ විත්තිකරුට අධිකරණයේ පෙනී සිටීමට සිතාසි නිකුත් කර තිබුණද ඔහු  පෙනී සිට නොමැති බවය.

පැමිණිල්ලේ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය තලංගම පොලිසිය ස්ථානාධිපතිවරයා හරහා නැවත සිතාසි නිකුත් කරන ලෙසට නියෝග කළාය.

තාබුගල මහතා විසින් 2022 /2023 වර්ෂ වලට අදාළව  රුපියල් මිලියන 194ක බදු මුදලක්  නොගෙවා පැහැර හැරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් තවත් නඩුවක් පවරා ඇති අතර එම පැමිණිල්ල  දෙසැම්බර් මස 15 කැඳවීමට මහේස්ත්‍රාත්  අධිකරණය දින නියම කර ඇත.



අදහස් (0)

තාබුගලට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32872 40


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 15480 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 10020 15

මේවාටත් කැමතිවනු ඇති

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 30 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 178 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 487 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

Our Group Site