IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට

(මදුශානි අබේසිංහ)

පොළොන්නරුව දීපඋයන ආසන්නයේ ප්‍රධාන මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක පිටුපස ත්‍රීරෝද රථයක් ගැටී අද (08) සිදු වූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස්, තිදෙනකු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.

අනතුරින් මියගොස් ඇත්තේ, ත්‍රීරෝද රථයේ රියැදුරු වන සෝමපුර, සිරිමංගලපුර, පදිංචි සිටි 70 වියති, එච්.එම්. කරුණාරත්න යන අය වන අතර තුවාල ලැබූ තවත් තිදෙනෙක් රෝහලේ ප්‍රතිකාර ලබන බව පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව රෝහල් පොලිසිය පවසයි.

මෙම අනතුර අද (08) උදෑසන හයයි තිහට පමණ  සිදුව ඇති බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.



අදහස් (1)

ත්‍රීරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට

ගුණරත්න Sunday, 09 February 2025 06:30 PM

මේ විදියේ අනතුරු වෙලා හැම අවුරුද්දෙම සෑහෙන පිරිසක් මැරෙනවා. ඔය ලොරි කාරයෝ වාහන නවත්තනකොට පාරේ දෙපැත්තේම වංගු නැති තැනක් බලල පුළුවන් තරම් අයින් කරලා නවත්වන්න දැනගන්න ඕනෑ, වාහනේ දුරට දර්ශනය වෙන්නේ නැත්නම් අනතුරු අඟවන සංඥා ලාම්පුවක් හරි එල්ලන්න ඕනෑ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site