
(රංජිත් රාජපක්ෂ)
එකම පවුලේ පිරිසක් ගමන් ගත් ත්‍රීරෝද රථයක් පෞද්ගලික බස් රථයක ගැටී අද (21) සිදු වූ අනතුරකින් ත්‍රීරෝද රථයේ ගමන් ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත් වී අවුරුදු 08ක කුඩා ළමයෙකු ඇතුලු තවත් සිව් දෙනෙකු බරපතල තුවාල ලබා මහනුවර දිස්ත්‍රික් මහ රෝහලට සහ රිකිල්ලගස්කඩ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කළ බව රිකිල්ලගස්කඩ පොලිසිය පැවසීය.
මෙසේ අනතුරින් මිය ගොස් ඇත්තේ මාර්තුවෙල එරමුල්ල මන්දාරම්නුවර වත්කුඹුරේ ගෙදර කල්‍යාණි ජයසුන්දර නැමති 45 හැවිරිදි කාන්තාවකි.
ඥාතීන් පිරිස එරමුල්ල ප්‍රදේශයේ (21) අලුයම පැවති පූජාවකට සහභාගි වී ආපසු නිවස කර පැමිණෙමින් සිටියදී ප්‍රතිවිරුද්ධ දිශාවෙන් රිකිල්ලගස්කඩ සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයකට එම මාර්ගයේ කටුගස්තොට හුළංවංගුව ප්‍රදේශයේදි මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදු වී ඇත.
2025 නොවැම්බර් මස 21
5
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
131
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
979
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ත්‍රිරෝද-බස් ගැටීමෙන් කතක් මරුට: 4ක් රෝහලට