(ඉන්දිකා රාමනායක)
ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් පුද්ගලයන් රැසකගෙන් රුපියල් බිලියනයකට අධික මුදලක් වංචා කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටින තිළිණි ප්‍රියමාලි නමැත්තිය එම 34 වන මහල වෙනුවෙන් මාස කිහිපයක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න කුලී මුදල් පවා ගෙවා නොමැති බවට විමර්ශන වලදී හෙළි වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
මසකට රුපියල් ලක්ෂ 16 බැගින් මාස 08 කාලයක් වෙනුවෙන් ඇය කුලී මුදල් ගෙවා නොමැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.
කුළී මුදල් නොගෙවීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව මෙතෙක් පැමිණිල්ලක් ලැබී නොමැති බවත්, මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව මෙතක් ලැබී ඇති පැමිණිලි 11 අනුව සිදුකළ විමර්ශනයේ මේ සම්බන්ධයෙන් හෙළි වු බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
34 වන මහලේ කුළී මුදල් නොගෙවීම සම්බන්ධයෙන් අදල ආයතනය මේ දක්වා සැකකාරියට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කර නොමැති බවත්, ඉදිරියේ ඔවුන් ඒ සම්බන්ධයෙන් සැකකාරියට එරෙහිව පැමිණිලි කිරීමට සුදානමින් සිටින බවට වාර්තා වන බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකාරියට එරෙහිව මේ දක්වා ලැබී ඇති පැමිණිලි 11 අනුව විමර්ශන සිදුකරන බවත්, මෙම සැකකාරිය සමග එක්ව මෙම වංචා සදහා ආධාර අනුබල ලබා දුන් බවට චෝදනා එල්ල වී සිටින ජානකී සිරිවර්ධන නැමැති කාන්තාව ඉදිරියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශ ලබා ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
2025 දෙසැම්බර් මස 18
298
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිළිණි ප්‍රියමාලි ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ මාස කීපයක කුලී ගෙවා නෑ
සෙනෙවිරත්න Tuesday, 25 October 2022 11:44 PM
ජානකී විජේරත්න අදිසි හස්තයකින් බේරාගනීවි.
seelawahtee Wednesday, 26 October 2022 12:20 AM
තිලිනි ඔයා මදේ නැති ආප්ප ගහන්න දන්නවද ?අපි බලාගෙන ඉන්නේ ඔයා මෙහෙ එනකම්
Rocky Wednesday, 26 October 2022 06:16 AM
ජනක විජේරත්නද?නැත් නම් ජානකී සිරිවර්ධනද ?