IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තිළිණි ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් ගනී

(නිමන්ති රණසිංහ)

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලී නමැත්තිය සම්බන්ධ මහා පරිමාණ මූල්‍ය වංචා සිද්ධියට අදාළව බොදු බල සේනා සංවිධානය සංවිධානයේ මහලේකම්  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (12) ප්‍රකාශ සටහන් කර ගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඥාණසාර හිමියන්ගෙන් සිද්ධියට අදාළව පැය තුනකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර කරගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවැසීය.

මෙම සිද්ධියට අදාළව සිදුකරන ලද විමර්ශනවලදී හඬ පට කිහිපයක ඥානසාර හිමියන් සම්බන්ධයෙන් සංවාද සිදුව ඇති බැවින් උන්වහන්සේ කැඳවා ප්‍රකාශ සටහන් කරගත් ගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (16)

තිළිණි ගැන ඥානසාර හිමිගෙන් ප්‍රකාශයක් ගනී

saman Saturday, 12 November 2022 10:21 PM

මේගොල්ලෝ ඔක්කොම එක බෝට්ටුවේ උදවිය.

:       90       47

ganegoda Saturday, 12 November 2022 10:31 PM

මොකක්ද කිව්වේ බොදු බල සේනා.?

:       56       33

Cyril seneviratne Sunday, 13 November 2022 12:22 AM

එකනීතියක් හදන්න අදහස් හුවමාරු කරගන්න ඇති.

:       82       47

Prabha Sunday, 13 November 2022 04:58 AM

මේ අපේ සඟ රජු වෙන්න බෑ. මේක ලොකු වැරදීමක්.

:       54       41

Buddika Sunday, 13 November 2022 06:40 AM

දැන් මෙයා අනුන්ගේ මඟුල්වලටනේ කෑගැහුවේ ගෝඨගෙ හයිය අරන්. දැන් දෙමුකෝ උත්තර. බුදු දහමේ නම ගාවගෙන චීවරයට අපහාස කරන්නේ මෙන්න මේ අය. කොහෙන්ද සල්ලි මේවට.

:       58       47

Alfread Sunday, 13 November 2022 07:00 AM

පාස්කු ප්‍රහාරය එල්ල වෙන බව වගේම සහරාන් කල්ලියේ භයානක කම මේ හාමුදුරුවො කිව්වම වෙන ආගම් වල උන් ආගම්වාදියෙක් කියලා හංවඩු ගහලා, ස්ටෑන්ඩ් අගේන්ස්ට් රෙසිසම් කියලා බුකියේ හෙන කැම්පේන් එකක් ගෙනිච්චා. අන්තිමට උන්ගෙන් බෝම්බ සැනකෙලියක් කෑවම ටික කාලෙකට ඇත්ත තේරුනත් ආපහු අගරදගුරුගේ කැම්පේන් එකෙන් උන්ව සුද්ද කර ගත්තා. අනේ එයාල එහෙම නෑ කියල අරගලේදි උන් තුරුලු කරන් ඉම්බා.. හැබැයි ඇමරිකාව අන්තවාදීන්ට සම්බාදක පනවනවා. ප්‍රභාකරන් කියපු සති 2 නියමය වෙනුවෙන් උන්දැට සම්මානයක් දෙන්න ඕන ඊලඟ පාරත් හොඳවැයින් කෑවට පස්සේම.

:       100       148

SenakaSunday, 13 November 2022 01:26 PM

ඇමරිකාවත් රාජපක්ශලාගේ කීමට තමයි සම්බාදක පනවලා තියෙන්නේ කියලා නොකිව්වොත් මේක ලංකාව නෙමේ ඇල්ෆ්‍රඩ්.

:       0       3

බද්රානි Sunday, 13 November 2022 04:13 PM

ආ Alfreado.. එකම කල්ලියේ දෙපත්තක ඉන්න සාමාජිකයින් ඔය බෝම්බ ප්‍රහාර ගැන දන්නේ නැත්නම් වෙන කවුද දන්නේ? අන්තවාදය පතුරවලා බලයට ආපු දේශපාලඥයින් ඔක්කොම ඔය බෝම්බ ප්‍රහාරයට සම්බන්ධයිනේ. ඒකනේ ඔක්කොම යට ගහලා තියෙන්නේ. දැන් මෙතන හොර තක්කඩියවද ඔහේ මේ සුද්ද කරන්න දඟලන්නේ? වල් ගැහැනු අස්සේ රිංගලා ආපු එවුන්ව නාවලා නම් සුද්ද කරන්න බැරිවෙයි.

:       45       7

Rifan Sunday, 13 November 2022 09:04 AM

"උන්වහන්සේ කෙළවා ප්‍රකාශ සටහන් කරගත් ගත් බව..." ක්‍රමය නම් උන්වහන්සේට ගැලපෙන ක්‍රමයක් තමයි. නැතුව සාමාන්‍ය විදියට කථා කරන්න පු

:       0       1

Asintha Sunday, 13 November 2022 09:37 AM

@Alfread මට හිතෙන්නේ ඔයා මෙයාලගේ අති දක්ෂ රගපෑමට රැවටිලා වගේ.

:       124       53

AlfreadSunday, 13 November 2022 01:37 PM

නෑ මහත්මයා, ඔබතුමාලයි ‍රැවටිලා ඉන්නේ. මුන්නාන්සේ කියන දේවල් ඇත්ත බව හොයා බලන්නේ නැතුව මම පිලිගන්න කෙනෙක් නෙමේ. අපේ මිනිස්සු කවදත් කරන්නේ කරන්න ඕන එක නෙමේ. මුන්නාන්සේ කිව්වේ අන්තවාදී මුස්ලිම්වරු, සාම්ප්‍රදායික මුස්ලිම්වරු අභිබවා බලය අල්ලාගනිමින් අන්තවාදය පතුරුවන බවත්, මුස්ලිම් දේශපාලකයින් ඔවුන්ට ඒ සඳහා දේශපාලන සහයෝගය දෙන බවත්. කර්මාන්ත අමාත්‍යාංශය භාර .... තමන්ගේ වාහන සහ තඹ ෆැක්ටරියේ ආදායම සෘජුවම ත්‍රස්ථ කටයුතු වල යොදවල අහුවුනා. අගරදගුරුතුමා ඒව හොඳටම දන්නවා. ඒ දැන දැන ඒවට විරුද්ධ නොවෙන්නේ ඇයි.? ලංකාවේ ඉස්ලාම් අන්තවාදයක් නැති ගානට රඟපාන්නේ ඇයි. රාජපක්ශවරු එලවීමෙන් ඉස්ලාම් අන්තවාදය නැති වුනාද? ඔබට ඕක තේරෙන්නෙ නැති වුනාට හැම ක‍තෝලිකයම මෝඩයො නෙමෙයි මහත්තයෝ.

:       5       3

නිහාල් Sunday, 13 November 2022 03:51 PM

ලොකු සල්ලි වංචාවක් වෙලා තියනවා නම් ඒකට අනිවාර්යයෙන්ම චීවරධාරියකු සම්බන්ධයි. පුදුම රටක් මේක.

:       56       10

KesaraSunday, 13 November 2022 08:33 PM

ඇයි හත්වලාමේ අර පාදිලි උන්නාන්සේ කෙනෙක් V8 එකක් වංචා කරල හිරේ ගියේ.. ඇයි ක්‍රිකට් වල හොඳටම කරලා අර ක්‍රීඩකයො එහේ හිරේ ඉන්නේ.. අනිත් අයට විරුද්ධව මුකුත් පල වෙන්නෙ නැත්තේ යුරෝපේ ආධාර නැති වෙනවට භය නිසා. නැත්තන් එයාල තමයි හොඳටම කරන්නේ හොඳේ..

:       2       2

LakshithMonday, 14 November 2022 05:32 AM

මහ බැංකු වංචාව වෙද්දී ඉරාන් වික්‍රමරත්න පාදිලි උන්නාන්සේ රාජ්‍ය මුදල් ඇමති. කෝ උන්දැ ගැන මාධ්‍ය වාර්ථා කරා? මෙතන ප්‍රශ්නේ චීවරධාරීන් විතරක් මූල්‍ය වංචා කරන එක නෙමේ. මාධ්‍ය වල වාර්ථා වෙන්නේ උන්නාන්සෙලාගේ ඒව විතරයි.

:       3       2

fairoos Sunday, 13 November 2022 03:58 PM

අසාද් සාලි සහ ඥානසාර හාමුදුරුවෝ දෙන්නම හොඳ යාළුවෝ වගේ.

:       31       15

බද්රානි Tuesday, 15 November 2022 01:00 PM

මොකද සද්දයක් නැත්තේ? වැරැද්දට වැරැද්ද කියන්න පුරුදු වෙන්න. නැත්නම්, මොනා කලත් වගතුවක් නම් වෙන්නේ නැහැ. අර මගේ කොමෙන්ට්ස් හා ඔයාලගේ මතයට විරුද්ධව දාන කොමෙන්ට් වලට තව දඩිස්ලයික් දාන්න ඇති වෙන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site