IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තිළිණගේ සිර මැදිරියෙන් දුරකතන දෙකක් සොයාගනී

(ඉන්දිකා  රාමනායක)

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ කාර්යාලයක් පවත්වාගෙන යාමෙන් පුද්ගලයන්ගෙන් රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත් කර සිටින තිළිණි ප්‍රියමාලි  නමැති සැකකාරිය  භාවිතා  කළ ජංගම දුරකතන දෙකක්  මේ දක්වා  සොයා ගත් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

ඇය ආර්  වාට්ටු සිර මැදිරියේ  රඳවා  සිටියදී කළ සොදිසියේ දී එම සිරිමැදිරයේ දොරක සගවා තිබු එක්  ජංගම දුරකතනයක් මීට පෙර සොයාගත් බවත්,   ඇය   වෙනත් සිර මැදිරියට මාරු කිරීමේ පසු  බන්ධනාගාර  හදිසි පුතිචාර උපක්ර මයක බලකාය විසින්    ඉකුත් (9) දින රාත්රි යේ පරික්ෂා කිරීමේදී ඇය සන්තයේ තිබී සෙසු දුරකතනය සොගා ගත් බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන සහ පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.

මෙම දුරකතන දෙකම   අපරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී ඇති බවද හෙතෙම කීය.

මෙම සැකකාරිය   බන්ධනාගාර තුළ දී ජංගම දුරකතනය  ලබා දුන් බව කියන  කාන්තාවගෙන් ද ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවද හෙතෙම කීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැලිකඩ බන්ධනාගාර අධිකාරිය විසින් විමර්ශනයක් ද ආරම්භ කර ඇති බව හෙතෙම කීය.

තිළිණි   ප්‍රියමාලි  නමැති මෙම සැකකාරිය   අපරාධ   පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.



අදහස් (1)

තිළිණගේ සිර මැදිරියෙන් දුරකතන දෙකක් සොයාගනී

ජගත් ලියනගේ Tuesday, 11 October 2022 11:07 PM

ඔය දුරකථන , එයා කොහෙද හංග ගෙන ඇත්තේ ?

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 284 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site