(සූරියවැව දිලීප් ජයසේකර)
මෙරට භාවිතය හා අලෙවිය තහනම් වල් නාශකයක් වන ග්ලයිෆොසෙඩ් කිලෝ 1000ක් සමග සූරියවැව කෘමිනාශක අලෙවිහල් හිමිකරුවෙක් හා ගෝලයකු සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් විසින් අද (31) අත්අඩංගුවට ගනු ලැබීය.
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන්ට ලද තොරතුරකට අනුව මහවැලි අධිකාරියේ කෘමිනාශක කාර්යංශයේ නිළධාරීන් එක්ව මෙම වැටලිම සිදුකර තිබේ.
එහිදී නිවසක ග්ලයිපොසෙඩ් කෘමිනාශක පැකට් කරමින් සිටි වෙළදසලේ සේවකයා සමග එහි තිබී කිලෝ ග්රෑම් 20 බැගින් වු පැකට් 22ක් හා ග්‍රෑම් 100 බැගින් පැකට් කරන ලද පැකට් 790ක් හා පැකට් කිරිමට යොදාගත් සීලර් මැෂිමක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුගෙන් සිදුකල ප්‍රශ්න කිරීමේදි අනාවරණය කරගත් තොරතුරු වලට අනුව ඒ අසල වු තවත් පොහොර ගබඩාවක්ද පරික්ෂාවට ලක් කර ඇති අතර එහි තිබී තවත් කිලෝ ග්රෑවම් 20 බැගින් වු ග්ලයිපොසෙඩ් පැකට් 25ක් සමග වෙළදසැල් හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තහනම් වල්නාශක සමග දෙකක් සැකපිට