(අංජුල මහික වීරරත්න)
යූරියා මෙට්‍රික් ටොන් 21,000ක් සහිත තවත් නැවක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
එම පොහොර තොගය මහ කන්නයේ වගා කටයුතු ආරම්භයේදීම ගොවීන්ට ලබාදීමට සැලසුම් කර ඇත.
එමෙන්ම 2022/2023 මහ කන්නයට අවශ්‍ය යූරියා පොහොර මෙට්‍රික් ටොන් 1,50,000ක් මිලදී ගැනීමට ලෝක බැංකුව ඩොලර් මිලියන 110ක් ලබා දීමට දැනටමත් එකඟතාවය පළ තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ මෙරටට ලබාදුන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 65,000න් පළමු තොගය වන මෙට්‍රික් ටොන් 44,000ක් රජයට අයත් ලංකා පොහොර සමාගම සහ කොමර්ෂල් පොහොර සමාගමේ ගබඩාවල අසුරා බෙදාහැරීම් කටයුතු අරඹා තිබේ.
දින තුනක කාලයක් තුළ දිවයින පුරා පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථානවලට යූරියා පොහොර මෙට්‍රික් ටොන් 3000ක් බෙදාහැර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
තව දෙසතියකින් ලංකාවට පැමිණීමට නියමිතව ඇත්තේ එම ඉන්දීය පොහොර වලින් දෙවන තොගයයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
තව පොහොර නැවක් දෙසතියකින් එයි