IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


තුවාල ලැබූ වලි කුකුළාට වන ජීවී ඒකකයෙන් ප්‍රතිකාර

 

(හිරාන් ප්‍රියංකර ජයසිංහ) 
 
ආණමඩුව  කොට්ටුකච්චිය නවෝද්‍යා විද්‍යාලයේ ගොඩනැගිල්ලක ප්‍රධාන දොරටුවේ වීදුරුවේ ගැටී බරපතල තුවාල ලබා සිටි වලි කුකුළකුට අද(22)  පුත්තලම වන ජීවි පාලන ඒකකය මගින් ප්‍රතිකාර ලබා දී තිබේ.
 
නවෝද්‍යා විද්‍යාලයේ විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහතා පැවසුවේ වලි කුකුළා අධික වේගයෙන් පියඹා අවුත් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැගිල්ලේ ප්‍රධාන දොරටුවක සවිකර තිබූ වීදුරුවක ගැටී එයද කඩාගෙන කාමරයට විසිවූ බවයි. 
 
අනතුරින් වලි කුකුළාගේ දෑස් සහ හොටයට හානි වී තිබිණි. 
 
තුවාල වූ වලි කුකුළා නිකවැරටිය වන ජීවි පශු වෛද්‍ය ඒකකයට භාර දීමට කටයුතු කරන බව වන ජීවි පාලන ඒකකයේ ස්ථාන භාර නිලධාරී නවරත්න බණ්ඩාර මහතා  පැවසීය. 



අදහස් (4)

තුවාල ලැබූ වලි කුකුළාට වන ජීවී ඒකකයෙන් ප්‍රතිකාර

සෙනෙවිරත්න වඩත්ත Friday, 22 February 2019 10:12 AM

ඔය විදුහල්පති ප්‍රියන්ත සමන් කුමාර මහත්මයා බෝධිසත්වයෙක් වගේ... මීට කලිනුත් වලි කුකුළන්, වල් ඌරන් ගොඩක් බේරගෙන තියෙනවා...

:       1       107

W M K B N බංඩාර Saturday, 23 February 2019 09:58 AM

පුත්තලම වනජිවි පාලන එ්කකය ඉතාමත් ඕනෑකමින් සත්ව ප්‍රතිකාර කිරීමට සුදානම්ව සිටින බව සතුටින් දන්වා සිටිමට කැමැත්තෙමු..

:       0       38

Uditha - London Sunday, 24 February 2019 04:06 AM

ඉතාමත් ආදර්ශමත් විදුහල්පති කෙනෙක්... !!!

:       0       40

ravi Monday, 25 February 2019 08:41 AM

ඇත්තටම අපේ රටේ.. දවසකට කුකුල්ලු කී දෙනෙක් විතර මරාගෙන කනවද..? මොනවද මේ විකාර? !!!

:       27       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 203 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 544 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site