IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තවත් ලොකු පුටු හයකට මැතිසබේ අනුමැතිය

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයාගේ පත්කිරීමටත්  ආයතන පහකට ප්‍රධානීන්  පත්කිරීමටත්  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ  අනුමැතිය හිමි වූ බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් සහ  කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ  චමින්ද කුලරත්න මහතා පැවසීය.

ඒ අනුව මාලදිවයිනේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස පී. ආර්. එස්. ගුණවර්ධන මහතා පත් කිරීමට  උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව අනුමතිය ලබාදී ඇත

එසේම එම්.එම්.එස්.එස්.බී. යාලේගම මහතා  රාජ්‍ය වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍යංශයේ ලේකම් ලෙස පත්කිරීමටද  උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇත.

එයට අමතරව එස්.සී.ජේ. දේවේන්ද්‍ර මහතා  ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද මහාචාර්ය එම්.ඒ.ආර්.එම්. ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද .ජේ.එම්. සූසෙයිදාසන් මහතා     රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපතිවරයා ලෙස පත්කිරීමටද උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය ලබාදී ඇතැයි චමින්ද කුලරත්න මහතා කීවේය.

උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු  කාරක සභාව කතානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්  පාර්ලිමේන්තුවේදී  පසුගිය 10 වැනිදා  රැස්විය.මෙම රැස්වීමට  අමාත්‍යවරුන් වන  නිමල් සිරිපාල ද සිල්වා, කෙහෙළිය  රඹුක්වැල්ල, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  ජොන්ස්ටන් ප්‍රනාන්දු,  අනුර ප්‍රියදර්ශන යාපා, තලතා අතුකෝරල, උදය ගම්මන්පිල,  වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ  ධර්මලිංගම් සිද්ධාර්ථන් යන මහත්ම මහත්මීහුද  සහභාගී වූහ.



අදහස් (0)

තවත් ලොකු පුටු හයකට මැතිසබේ අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 28 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 922 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site