(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නම තානාපතිවරයකු සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දෙදෙනකු පත් කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
මේ අනුව ආචාර්ය චානක හර්ෂ තල්පහේවා මහතා පිලිපීනයේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත්කර යැවීමට උසස් නිලතල පිළිබඳ කාරක සභාව අනුමතිය දුන් බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ඩබ්ලිව්.එස්. සත්‍යානන්ද මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් කිරීමටද එම්.එම්. නයීමුඩීන් මහතා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කිරීමටද අනුමැතිය ලබාදී ඇත.
උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 4 වැනිදා රැස්විය. මෙම තීරණය ගෙන ඇත්තේ එම රැස්වීමේදීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තවත් ලොක්කන් තුන් දෙනෙකුට මැතිසබයේ අනුමැතිය