IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තවත් රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ කරන්න යයි

 

(අංජුල මහික වීරරත්න)

 ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව යටතේ එක් ආයතනයක් ලෙස ඒකාබද්ධ කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව හා ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා මහා භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1,232  ක මුදලක් අනුමත කරගැනීම සදහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත.

ඒ අනුව මෙම වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මාස දක්වා ආයතන දෙකෙහිම සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 164 ක මුදලක් අවශ්‍ය වේ.

එමෙන්ම ඔක්තෝබර් මස සිට ලබන වසරේ මාර්තු මස දක්වා සේවක වැටුප් ගෙවීමට රුපියල් මිලියන 1068 ක මුදලක් අවශ්‍ය වේ.

ඉහත සඳහන් ආයතන දෙකම රජය සතු ඉදිකිරීම් කටයුතුවල නිරතවන ආයතන දෙකකි. 

නමුත් පසුගිය වසර කිහිපය තුළ ඉදිකිරීම් කර්මාන්තයට බලපාන ලද අහිතකර තත්ත්වය මත ආයතන දෙකම සීමිත ක්‍රියාකාරකම් මත සේවකයන්ගේ මූලික පිරිවැය පමණක් උපයාගෙන ක්‍රියාත්මක ව ඇත.  

එමෙන්ම කොවිඩ් - 19 වසංගත තත්ත්වය තුළ අසාමාන්‍ය ලෙස ඉදිකිරීම් ද්‍රව්‍ය මිළ ඉහළ යාම සහ රාජ්‍ය අංශයේ ඉදිකිරීම් කටයුතු සීමාවීම වැනි කරුණු මෙම ආයතන දෙක සඳහා අහිතකර ලෙස බලපා ඇතැයිද අමාත්‍යවරයා අදාළ කැබිනට් පත්‍රිකාව මගින් පෙන්වා දී තිබේ.

ඊට අමතරව මුදල් අමාත්‍යංශය විසින් පසුගිය අප්‍රේල් මස නිකුත් කරන ලද අංක 03/2022 දරණ ජාතික අයවැය චක්‍රලේඛය අනුව මැයි මාසයේ සිට, සියලුම රාජ්‍ය ව්‍යාපෘතිවල කාර්ය සාධනය ක්‍රමයෙන් අත්හිටුවීම සහ සීමා වීම හේතුවෙන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සහ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනන දෙකට ව්‍යාපෘතිවලින් ඉපයීමේ හැකියාව බොහෝ සෙයින් අඩුවූ බවද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන්වේ.

මේ හේතුවෙන් ඇතිවුණ ආර්ථික දුෂ්කරතා මධ්‍යයේ සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිවීම හේතුවෙන් අවස්ථා කිහිපයකදීම නොසන්සුන්තාවයන් හා වැඩ වර්ජන ඇති විය.

එබැවින් වැටුප් ගෙවීම තවදුරටත් ප්‍රමාදවුවහොත් මෙම තත්ත්වය තවදුරටත් උග්‍රවීමට ඉඩ ඇතැයිද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අදාළ කැබිනට් පත්‍රිකාව මගින් පෙන්වා දී ඇත.



අදහස් (4)

තවත් රාජ්‍ය ආයතන දෙකක් ඒකාබද්ධ කරන්න යයි

Hafeel Tuesday, 11 October 2022 02:03 PM

කොහොමහරි සේවකයන්ට වැටුප් දෙන්න.

:       0       1

ganegoda Tuesday, 11 October 2022 02:05 PM

මොනවහරි කියවමින් බඩ වඩා ගන්නවා හැරෙන්න රටට සිද්ධ වෙන සුගතියක් නැහැ.

:       0       0

විපරමා Tuesday, 11 October 2022 03:31 PM

සන්චාරක ඇමතිය වෙලා ඉන්න කාලෙත් කෙරුවේ කටින් බතල හිටවපු එක.

:       0       1

දිමුත් Tuesday, 11 October 2022 04:02 PM

ඔය වැනි තවත් ආයතන තිබේ නම් ඒකාබද්ධ කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site