(රෝෂන් තුෂාර)
කටාර් රාජ්‍යයේ සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම් කර රුපියල් කෝටි අටකට අධික දේපළක් උපයා ගත්තේ යැයි කියන ගාල්ල බටපොල රොෂාන් චමින්ද සැකකරු ලබන 15වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත්වරයා අද(01) නියෝග කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය මගින් සැකකරුව ඊයේ (31)දින අත්අඩංගුවට ගෙන ඊයේ දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි දේපළ සන්තකයේ තබා ගැනීමට එරෙහිව මුදල් විශුද්ධි කරන පනත යටතේ සැකකරුව අධිකරණයට ඉදිරිපත් කර ඇත.
සැකකරු 2013 වසරේදී කටාර් රාජ්‍යයට ගොස් ඇති අතර 2015 වසරේදී මත්ද්‍රව්‍ය පාර්සලයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් එරට මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත්ව ඇත.අත්අඩංගුවට පත් සැකකරු2017 වසරේ සිට බන්ධනාගාර ගත කර ඇති අතර 2020 වසරේදී රටින් පිටුවහල් කිරීමට නියෝගයක් නිකුත් කර ඇත.එරට සිටියදී කෝටි අටකට අධික මුදලක් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමෙන් උපයාගෙන මෙරටට එවා ඇති බව සඳහන් කරන නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය සැකකරු අත්අඩංගුවට පත්වන අවස්ථාවේදී වෑන් රථයක්, ලොරි රථයක්, සහ යතුරුපැදියක් පොලිස් භාරයට ගත් බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
152
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
952
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් රිමාන්ඩ්