IMG-LOGO

තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov

කොරෝනා වයිරස පවුලට අයත් NeoCov යන නමින් හැදින්වෙන තවත් නව කොරෝනා වයිරසයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් නුවර වෛද්‍ය පර්යේෂකයෝ ලොවට අනතුරු අගවති.

මේ වනවිට NeoCov කොරෝනා වයිරසය ව්‍යාප්තවන්නේ දකුණු අප්‍රිකාවෙන් හමුවුණු වවුලන් අතරේ පමණි. එය තවමත් වවුලන්ගෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වී නැත.

වූහාන් විද්‍යාඥයන් අනතුරු අගවමින් පැහැදිලි කර ඇත්තේ, NeoCov වයිරසය තවත් එක් විකෘතිකරණයකට ලක්වුවහොත් එය බොහොම පහසුවෙන් මනුෂ්‍යයන්ට ආසාදනය වීමේ හැකියාව ඇති බවය.

NeoCov කොරෝනා වයිරසය සතුව, සාර්ස් (SARS) සහ මර්ස් (MERS) කොරෝනා වයිරසවල එකතුවක් ඇති බවත් විද්‍යාඥයෝ පෙන්වා දෙති.

කොරෝනා යනු ක්ෂීරපායී සතුන් අතරේ පැතිරෙන වයිරස වර්ගයකි. ඒවා විකෘති වී මනුෂ්‍යයන්ට බෝ වී, පසුව මනුෂ්‍යයන් අතරේ ව්‍යාප්තවූ අවස්ථා ලෙස සාර්ස් (SARS) සහ මර්ස් (MERS) සැලකිය හැක.

අද අපට හිසරදයක් වුණු 'කොවිඩ් 19' කොරෝනා වයිරස පවුලේ නවතම සාමාජිකයාය. චීන විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට අනාගතයේ NeoCov කොරෝනා වයිරසය ද ලෝකයට බලපෑම් කරනු ඇත. මෙය 'කොවිඩ් 19' වයිරසයට වඩා බිහිසුණු මාරක වයිරසයක් වනු ඇත.

මේ වනවිට වුහාන් විද්‍යාඥයන් ඔවුන් NeoCov වයිරසය ගැන ලබා ගත් සියලු දත්ත ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇති බවත්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අවධානය NeoCov වයිරසය වෙත යොමු වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

'කොවිඩ් 19' වයිරසයේ මූලාරම්භය ලෙස සැලකෙන්නේ චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයයි. එය වුහාන් නුවර පිහිටි චීන රජයට අයත් හමුදාව යටතේ ක්‍රියාත්මක වන වයිරස පර්යේෂණාගාරය තුළ නිපදවූවක් බවට ද චෝදනා එල්ල වී ඇත.

ඒ බව තහවුරු නොවුණත්, මෙම පර්යේෂණාගාරයේ කොරෝනා වයිරස යොදා ගනිමින් පර්යේෂණ සහ අත්හදා බැලීම් සිදුවන බව රහසක් නොවෙයි.

NeoCov වයිරසය සම්බන්ධයෙන් අනතුරු අගවා ඇත්තේ ද මෙම වූහාන් පර්යේෂණාගාරයේ විද්‍යාඥයන්ය.

(එන්.ඩී.ටීවී.)



අදහස් (10)

තවත් බිහිසුණු කොරෝනා වයිරසයක්: NeoCov

යෝගා Saturday, 29 January 2022 03:22 PM

තවත් එන්නත් පෝලිමක් බලාපොරොත්තු වන්න. ඉස්සර ආයුධ වෙළඳාම කරපු රටවල් දැන් ඖෂධ වෙළඳාමට බැහැලා...

:       28       40

Nal8n Saturday, 29 January 2022 04:19 PM

වැක්සීන් මාෆියා... තවත් එකක්..!!

:       21       31

PRIYANTHA Saturday, 29 January 2022 04:58 PM

තවත් එකක් ආවා වගේ...!!!

:       1       20

gag Saturday, 29 January 2022 06:24 PM

ලංකාවත් ඔන්න දැන් එකක් එලියට දාලා - 'කෙලාහුටා' කියලා වෛරසයක්...

:       5       17

Don perea Saturday, 29 January 2022 08:18 PM

මේඩ් ඉන් චයිනා...

:       4       16

Sriland Sunday, 30 January 2022 01:55 AM

ඔයිට වඩා බිහිසුණු වයිරස් ප්‍රබේද තිබිලා තියනවා හැබැයි එදා වගේ මුදල් ඉපයීම සඳහා යොදාගෙන නෑ.අද කරන්නේ උන්ම හොයාගෙන උන්ම බෙහෙත් හදලා විකිණීම .අනික් කිසිම කෙනෙකුට කට අරින්න දෙන් නා නීති හදලා හිරේ දානවා .මේ හැම දෙයක් පිටුපසම තියෙන්නේ ව්‍යාපාර .කොරෝනා කියන්නේ තනිකරම බොරුවක්

:       1       2

Jay Sunday, 30 January 2022 02:52 AM

මටනම් පේන්නේ චීන්නු දකුණු අප්‍රිකාව පැත්තේ පරීක්ෂණ ආරම්භ කර ඇති බවය. කලින් ඒවත් කොයි රටෙන් මතු වෙනවද කියල කිව්වේ හොරාට කලින් වැට පැන්න වගේ සීන් එකක්

:       0       3

අසංග Sunday, 30 January 2022 10:08 AM

චීනයෙන් මොන වෛරසයක් එළියට ආවත් ඔවුන්ට මොන හෙනයක් වත් නැහැනේ... දුක් විඳින්නේ අනෙක් රටවල්...

:       1       5

fairoos Sunday, 30 January 2022 12:32 PM

එහෙනම් සර්ට තව අවුරුදු 2ක් වැඩියෙන් දෙන්න වෙයි.

:       2       3

de silva Sunday, 30 January 2022 03:38 PM

මාෆියා විසින් වෛරස් සාදනු ලැබේ...!

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 419 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 751 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site