
(ටෝනි කරුණානායක)
ඩුබායි රටේ සිටින ගම්පහ පද්මේ නමැති පාතාල සාමාජිකයාගේ සමිපතමයකු යැයි කියන ගිහාන් නමැති පස් ව්‍යාපාරිකයා සීදුව කොටුගොඩ මාර්ගයේ ගලිගන්එලිය හංදියේදී වෙඩි තබා ඝාතනය කර ඇතැයි සීදුව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ ගිහාන් නැමැත්තා කැඳ බීම සඳහා කැද අලෙවිසැලක් වෙත ගොස් සිටියදී යතුරු පැදියකින් පැමිණ ඇති නාදුනන තුවක්කු කරුවකු විසින් එල්ල කරන ලද වෙඩි පහරින් බරපතළ තුවාල ලබා රාගම රෝහලට රැගෙන යන අවස්ථාවේදී මියගොස් ඇති බවද පොලිසිය කියයි.
එම කැද කඩය පවත්වාගෙන යන 62 හැවිරිදි කාන්තාවටද වෙඩි වැදී තුවාල සිදුවීම හේතුවෙන් ඇයවද රාගම රෝහලට ඇතුළත් කළ බව සීදූව පොලිසිය පවසයි.
රද්දොළුගම , ලාහුවල පාරේ පදිංචි කොටගෙදර ලියනගේ ගිහාන් කාංචන පෙරේරා නැමැති 39 හැවිරිදි මරණකරු 2018 වර්ෂයේ ජනවාරි මසදී ගම්පහ , බටපොත ප්‍රදේශයේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධව තොරතුරු ලබා දීමේ චෝදනා මත බන්ධනාගාර ගතගතව සිට පැමිණි අයකු බව පොලිසිය වැඩිදුරටත් සදහන් කලේය .
මරණකරු බැකෝ යන්ත්‍ර සහ ටිපර් රථ යොදාගෙන පස් ව්‍යාපාරය සිදු කරන අයෙකු බව පොලිසිය පවසයි .
මියගිය ගිහාන් නාදුනන තුවක්කුකරුගේ වෙඩි පපහරින් මියගිය පස් පොඩ්ඩා නැමැත්තා ගේ ද සමිපතමයකු බවද පොලිසිය කියයි .

2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තවත් පස් ව්‍යාපාරිකයකු වෙඩි තබා මරයි