IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


තවත් පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරුවීම්

(ගයාන් සූරිය ආරච්චි)

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුට සහ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තුනකට අනිද්දා (12) සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු ලබා දී ඇත.

වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි මෙම ස්ථාන මාරු ලබා දී තිබේ.

ඒ අනුව ජේ‍යෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති කේ.ඩී.ඒ.වී.ජේ.කරවිට මහතා ප්‍රජා පොලිස්, සංචාරක හා ආයෝජන තනතුරේ සිට අපරාධ පරීක්ෂණ සහ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.

එමෙන්ම නියෝජ්‍ය පොලිස්පති පී ලියනගේ මහතා බස්නාහිර පළාත (රථ වාහන) නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි  බස්නාහිර (උතුර)  භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරටත්, නියෝජ්‍ය පොලිස්පති එම්.ඩී.පී. දයාරත්න මහතා රත්නපුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට මූල්‍ය අපරාධ විමර්ශන දිසාවේ රාජකාව ඉටු කිරීමටත්, නියෝජ්‍ය පොලිස්පති එස්.එම්.වයි. සෙනෙවිරත්න මහතා කෑගල්ල දිසාවට අමතරව රත්නපුර කොට්ඨාසයේ රාජකාරී ඉටු කිරීමටත් පත් කර ඇත.

 



අදහස් (4)

තවත් පොලිස් ලොක්කෝ තුනකට ස්ථාන මාරුවීම්

රම්බොඩ Monday, 10 February 2025 09:38 AM

දේශපාලනීකරණය නතරවී මෙටා මාලිමාකරණය උදාවී ඇත. අනෙක් සියල්ලන්ට වහලුන් කියන , බයියන් කියන අධික බුද්ධිමත් , ඉතා අපක්ෂපාතී , කිසිවෙකුටත් අන්ධව කඩේ නොයන , කිසිවෙකුගෙත් ආකල්ප වලට ගරු නොකරන , පරුෂ වදනින් බැන වදින ,එකී නොකී බොහෝ නාම විශේණ වලින් හැඳින්විය හැකි නිර්ලජ්ජිත ජන සමූහයක් වේද ඔවුනට මේවා දැකිය නොහැක.

:       20       4

Asanga Monday, 10 February 2025 09:47 AM

මේවා ලස්සන දේශපාලන පලිගැනීම්....

:       21       5

රුවන් Monday, 10 February 2025 11:12 AM

දේශබන්දු වගේ අය හොදයි ලු. දුෂිත නිලධාරීන් නැත්තං පොලිසිය වැඩක් නෑ ලු

:       1       8

අරවින්ද මොණරවිල Monday, 10 February 2025 03:15 PM

නිල මැස්සාට මල් පැණි අගේ නැත... එයා වහන්නේ අසුචි ගොඩවල් මතයි. සමහර ටොයි බයි වහලුන්ද ඒ වගේයි. යහපත් දේ නිවැරැදි දේ අගේ නැත හොරකම, වංචාව හා දූෂණයම අගේ කරති...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 15 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 862 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2494 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site