IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තවත් තෙත් බිම් තුනක් ප්‍රකාශයට පත් කරයි

(සුජිත් හේවාජුලිගේ )

ලංකාවේ නව තෙත් බිම් තුනක් රැම්සාර් සම්මුතිය යටතේ   ප්‍රකාශයට පත් කිරීමට  සැලසුම් කර ඇතිබව  වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.
 
ඒ අනුව    මන්නාරම දිස්ත්‍රික්කයට අයත් වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය, ආදම්ගේ පාලම ජාතික උද්‍යානය, සහ  යාපනය දිස්ත්‍රික්කයට අයත්  චුන්ඩිකුලම් ජාතික  උද්‍යානය  නව තෙත් බිම් කලාප ලෙස  2024 වසර  ඇතුළත  නම් කිරීමට  වනජීවි දෙපාර්තමේන්තුව  සැලසුම් කර ඇත

මෙහිදී වාන්කලෙයි අභයභූමිය,  වෙඩිතලතිව් ස්වාභාවික රක්ෂිතය දක්වා  පුළුල්  කිරීමටද  පියවර ගෙන ඇතිබව  අමාත්‍යවරිය  පැවැසුවාය.

මේ අතර  මිරිස්ස සමුද්‍රීය අභයභූමිය ද මේ වසර  ඇතුළත ප්‍රකාශයට පත්කිරීම සඳහා  අවශ්‍ය  කටයුතු  සිදුවෙමින් පවතින බව පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය  කියා සිටියාය.

 

 



අදහස් (3)

තවත් තෙත් බිම් තුනක් ප්‍රකාශයට පත් කරයි

fairoos Thursday, 01 February 2024 07:19 PM

නන්දසේන ගේ ගෝලයෙක් නේද මෙයා ?

:       0       4

Siri PereraFriday, 02 February 2024 12:27 PM

ඔව්, ඔව් ! එයාගේ තෙත්බිම තමයි මෙයා ළඟ තියෙන්නේ...!

:       0       1

Amal Thursday, 01 February 2024 08:30 PM

කොච්චර ප්‍රකාශයට පත් කලත් වැඩක් නැහැ, ඒවා රැක ගන්න බැරිනම්. දේසපාලුවෝ සහ හෙන්චයියන් ඒවා වනසමින් ඔවුන්ගේ නොයෙකුත් ව්‍යාපාර නීති විරෝධී අන්දමින් කරගෙන යනවා. තවත් අතකින්, රටේ ජනතාවත් කැලි-කසල සහ අනෙකුත් අපද්‍රව්‍ය කිසිකමකට නැතිව එවැනි තැන් වලට මුදාහරිනවා. නිලධාරීන් ඒවා බල බල පුටු රත් කරනවා. උනුත් එකයි, මුනුත් එකයි, අපිත් එකයි !!!

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 152 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 952 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site