IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තවත් ඖෂධ වංචාවක්

 (නිමල කොඩිතුවක්කු)

ස්නායු, හන්දි හා හදවත් රෝගවලටත් භාවිත කරන හියුමන් ඉමියුනෝ ග්ලොබිලින් (අයි.වී.අයි.ජී) යන අත්‍යාවශ්‍ය ඖෂධය ප්‍රසම්පාදන ක්‍රමවේද අනුගමනය නොකර ලියාපදිංචි කිරීමෙන් බැහැරව සුපුරුදු හොර පාරෙන් කූට ලේඛන සකස් කොට ගෙන්වා ඇති බවවිපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රටේ ජනතාව මරණ මංචකයට යවන බාල බෙහෙත් ලබාදීමට කටයුතු කරන වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සහ සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ සෞඛ්‍ය අමාත්‍යාංශය මෙයට වගකිව යුතු බවත් විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.
වත්මන් රජය, සෞඛ්‍ය ඇමතිවරයා හා සෞඛ්‍ය අමාත්‍යාංශය රටට බාල බෙහෙත් සැපයීමේ ජාවාරමේ මුල් පුටු බවට පත්ව ඇතැයිද බාල බෙහෙත් සම්බන්ධයෙන් කොළඹදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව කීවේය.
මේ සම්බන්ධයෙන් රටේ ජනාධිපති හා සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව දෙන පිළිතුර කුමක්ද කියා විමසා සිටින බවත් ඔහු ප්‍රකාශ කළේය.

 



අදහස් (2)

තවත් ඖෂධ වංචාවක්

Rata Perata Wednesday, 11 October 2023 05:31 PM

තමුන් මේ ගැන ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද කියලත් කියන්න... ඕවා අපට කිය කිය විපක්ෂ නායක කමේ ඉඳලා වැඩක් නැහැනේ. නැතිනම් ඔය තනතුර අපිට දෙන්න. අපි කරලා පෙන්නන්නම්...

:       6       6

සමන් Wednesday, 11 October 2023 07:38 PM

දැන් ඔයාගේ ආණ්ඩුවක් ආවොත් රාජිතද සෞඛ්‍ය ඇමැති වෙන්නේ. එයා තමයි කල් ඉකුත්වූ බෙහෙත් හොරෙන් ගෙන්නලා ආමි එකට ඒවා විකුණලා අහුවෙලා ඒකට උසාවියෙන් වැරදිකරු වෙලා 1999දී අධිකරණ තීන්දුවකින් පාර්ලිමේන්තු මන්ත්‍රී කම අහිමි වෙච්ච එක්කෙනා. ඔයා එයාට සෞඛ්‍ය ඇමැති කම දෙන්න ඉන්නවනම් ඔයාගෙන් ඔය ප්‍රශ්නය අපිත් අහනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 198 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 165 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site