IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තවත් අලි පැට‌වෙක් දුම්රියට බිළි: කෙනෙරට අසාද්‍යයි

(කුෂාන් ජයවර්ධන)

කොළඹ මඩකලපුව දුම්රිය මාර්ගයේ හබරණ පලුගස්වැව ප්‍රදේශයේ දී  වනඅලි මවක හා පැටවකු ඊයේ රාත්‍රිෙය් දුම්රියේ ගැටීමෙන් අනතුරට පත්ව තිබේ. 

මඩකලපුව කොළඹ දුම්රිය මාර්ගයේ 205.5 කිලෝමීටර් කණුව ආසන්නයේදී කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මීනගයා සීග්‍ර ගාමී දුම්රියේ ගැටීමෙන් මෙම අලි මව හා පැටවා ඊයේ රාත්‍රි 12.30ට පමණ අනතුරට ලක්ව ඇති බව වනජීවී නිලධාරීහු පවසති. 

සිදුව ඇති මෙම අනතුරින් දුම්රියේ ගැටුනු අලි පැටවා එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර දුම්රියේ ගැටුනු මව් කෙනෙරද මේ වනවිට අසාධ්‍ය තත්ත්වයෙන් පසුවෙයි. 

මෙම දුම්රිය අනතුරින් මිය ගොස් ඇති අලි පැටවා අවුරුද්දක් පමණ වයසැති එකෙකු වන අතර මව් කෙනෙර අවු 20-ක් 25ක් පමණ වෙතැයි වනජීවී නිලධාරීහු අනුමාන කරති. 

එම මව් කෙනරට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීමට වනජීවී නිලධාරීන් කටයුතු සූදානම් කරමින් සිටී.  අසාධ්‍ය තත්ත්වයේ පසුවන  එම මව්  කෙනෙරට අවශ්‍ය  ආහාර පාන සැපයීමට වනජීවී නිලධාරීන් හා එම ප්‍රෙද්ශවාසීන් මේ වනවිට කටයුතු කරමින් සිටි. 

එම ස්ථානයට පැමිණි අනුරාධපුර වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වනජීවී පශ්‍ර වෛද්‍ය උදේශීකා මධුවන්ති මෙනවිය ඇතුලු එම කාර්ය මණ්ඩලය අසාධ්‍ය තත්ත්වයේ සිටින මව් කෙනරට ප්‍රථීකාර කිරීමට මේ වනවිට කටයුතු කරමින් සිටින අතර ගනේවල්පොල වනසත්ව අඩවි ආරක්ෂක කාර්යායේ නිලධාරීන් හා හබරණ පොලිස් ස්ථානය මගින් එම සිද්දිය සම්බන්ධයෙන් වූ විමර්ශණ කටයුතු සිදුකරමින් සිටි. 



අදහස් (1)

තවත් අලි පැට‌වෙක් දුම්රියට බිළි: කෙනෙරට අසාද්‍යයි

සමන් - ඕමානය Friday, 29 September 2023 02:59 PM

දුම්රියේ ගැටී අලි මියයාම දැන් අධිකයි. දුම්රිය වේග පාලනය ගැන නීති තිබුණත්, එය නොතකා වේගයෙන් ධාවනය කරවීම ප්‍රධාන හේතුව බව ප්‍රකාශ වෙනවා. දුම්රියේ වේග නියාමනය "GPS" තාක්ෂණය මගින් ලෙහෙසියෙන්ම සිදුකළ හැකියි. (බස්වලට මෙම යෙදවුම කළා යන ප්‍රවෘත්තිය මීට කලකට ඉහත දී දැක්කා) GPS උපකරණය සවිකොට, දුම්රියේ වේගය නිරීක්ෂණය කළහැකියි. මේ සඳහා අධික වියදමක් යන්නේ නැත. නීති කඩන දුම්රිය රියැදුරන් හට විරුද්ධව විනය ක්‍රියා මාර්ග ගත හැකියි. එවිට මේඅනතුරු අවම කරගත හැකිවනු ඇත. දුම්රිය බලධාරීන් හා ඇමතිතුමා මේ පිළිබඳව අවධානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site