(පද්මසිරි ගාර්දියවසම්)
තංගල්ල ධීවර වරායෙන් ඊයේ (28) මුහුදු රැකියාවේ ගිය බහුදින ධීවර යාත්‍රාවක් ගල් පරයක හැපී අනතුරට ලක්වීමෙන් එහි සිටි ධීවරයන් දෙදෙනකු අතුරුදහන්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පැවසීය .
අතුරුදහන්ව ඇත්තේ හම්බන්තොට ,පල්ලෙමලල පදිංචි 39 හැවිරිදි ධීවරයකු සහ තංගල්ල දංකැටිය සගබෝ මාවතේ පදිංචි 49 හැවිරිදි ධීවරයෙකි.
අනතුරට පත්ව ඇත්තේ මැක්සිම් පුතා 01 නමැති බහුදින ධීවර යාත්‍රාවය.
එහි හිමිකරු වන තංගල්ල ගොයම්බොක්කේ පදිංචි ආර් .පී.පැතුම් නිලංග නමැති අය මේ සම්බන්ධයෙන් අද (29) අලුයම තංගල්ල මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව තංගල්ල රුහුණ නාවික හමුදා කදවුර දැනුම්වත් කර අතුරුදහන් ධීවරයන් සෙවීමේ කටයුතු ආරම්භ කර තිබේ
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
තවත් ධිවර බෝට්ටුවක් පෙරළේ