IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


තෙල් සංස්ථාව අලි අමාරුවක

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන ආනයනය සඳහා ඩොලර් නොමැතිවීම හේතුවෙන් ,ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේ වනවිට බරපතළ අර්බුදයකට මුහුණදී සිටී.

මහ බැංකුව ඛනිජ තෙල් සංස්ථාවට ඩොලර් නිකුත් නොකිරීමත්, තෙල් සංස්ථාවට ණය නොදෙන ලෙස මහ බැංකුව රාජ්‍ය බැංකු දෙකට නියෝග කිරීමත් මත, මෙම තත්වය වඩාත් උග්‍ර වී තිබේ.

ඩොලර් හිඟය හේතුවෙන් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 කින් යුත් ඉන්ධන නැවක් වරායේ හිර වී ඇතැයි වාර්තා වේ.

මේ තත්වය හමුවේ රට තුළ ඩීසල් ඇත්තේ සීමිත දින කිහිපයකට පමණක් බවද බලශක්ති අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 37,500 ක නැවක් වරායට පැමිණ ඇති අතර ,එහි ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති බැවින් පෙට්‍රල් තවත් සති කිහිපයකට ප්‍රමාණවත් වනු ඇතැයි එම ආරංචි මාර්ග කියයි .

එසේ වුවද මින් ඉදිරියට ඉන්ධන ඇණවුම් කිරීමට හෝ වරායට පැමිණ ඇති ඩීසල් නැවෙන් ඉන්ධන ගොඩ බෑමට අවශ්‍ය ඩොලර් නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇතැයි ද වාර්තා වේ .

තෙල් සංස්ථාවට රාජ්‍ය ආයතන ගණනාවකින් රුපියල් කෝටි තිහක ට ආසන්න ණය මුදලක් ලැබීමට ඇති අතර,ලංකා විදුලිබල මණ්ඩලයෙන් රුපියල් කෝටි දහදාහක මුදලක්ද ,ශ්‍රී ලංකන් ගුවන් සමාගමෙන් රුපියල් කෝටි 6300 ක මුදලක් ද ලැබීමට ඇත.

මේ තත්වය තත්වය තුළ ඉදිරි කාලයේදී ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යංශය කියයි.

දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඉන්ධන පිරවුම්හල්වල මේ වන විට ඉන්ධන හිඟයක් ද ඇතවී තිබෙන බව වාර්තා වෙයි.

මේ අතර ඛනිජතෙල් සංස්ථාව ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන නිකුත් කිරීමට ද  සීමා කර ඇත.

(ඡායාරූප ළහිරු හර්ෂණ)

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)



අදහස් (5)

තෙල් සංස්ථාව අලි අමාරුවක

සමිත සේනක අලුත්ගමගේ. Monday, 21 February 2022 08:22 PM

තෙල් සංස්ථාවේ ලොකු ලොක්කන් ඇතුළු කණ්ඩායම්වල විශේෂ සැප පහසුකම් හා අනවශ්‍ය වැඩි පහසුකම් සැපයීම් ඇතොත්, ඒවා වහාම කප්පාදු කිරීමට කටයුතු කළ යුතුයි. රාජ්‍ය ආයතන, විදුලි බල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය ආදිය තෙල් සංස්ථාවට කෝටි ගණනින් මෙසේ ණයවීමට හේතු කුමක්දැයි සොයා බැලිය යුතුයි. මෙසේ කෝටි ගණනින් මුදල් ණය වී ඇත්තේ මහජන සේවය සඳහා නම් නොවන බව පෙනේ. මන්ද යත්, විදුලිය රටේ මහජනතාවට නිකන් දෙන්නේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම මහජනතාව ගුවන් යානාවල නිකං ගෙනියන්නේද නැත. එසේ නම්,මේ තරම් ණය වූවේ දේශපාලකයින් නිසාද යන්න ගැන කෙනෙකුට සිතෙන්නට පුළුවනි. ලොකු ලොක්කන්ගේ නොමනා වියදම් නිසා යැයි කියාත්, යමෙකුට සිතෙන්නට පුළුවනි. එය එසේ යැයි සනාථ වන්නේ, කිසිඳු රජයක දේශපාලනඥයින් හා අදාළ ආයතනවල ලොකු ලොක්කන් මේ ණය මුදල් ගැන කිසිත් නොකියා වගේ වගක් නැතිව ඉන්නා නිසායි....

:       0       9

fairoosWednesday, 23 February 2022 01:09 PM

එතකොට මේ කාලකණ්ණි ආණ්ඩුව මේකට වගකියන්න ඕනෙ නැහැ...ද?

:       1       6

Prasanna Rahtnasiri Tuesday, 22 February 2022 05:22 AM

මේ මොන පිස්සුවක්ද, තෙල් සංස්ථාව ලංකාවේ රජයට අයිති නැද්ද, ඉතින් ඔය විදියට, ගම්මන්පිලට වෙනම විදේශ ප්‍රතිපතියක් හදාගෙන පිට රටවලට කතාකරල ඩොලර් හොයාගන්නද කියන්නේ, ඒ කියන්නේ රටේ ලොක්කා ඇතුළු පිරිවර fail කියලා නේද මේ කබ්බා කියන්නේ , අර කිංස්ලි කොල්ලටවත් මේක ස ට කියන්න බැරිද, කැතයි, ලැජ්ජයි, හිරිකිතයි බං

:       0       0

දිමුත් Tuesday, 22 February 2022 10:51 AM

සංස්ථාව විතරද? මිනිස්සුත් අලි අමාරුවේ...!

:       0       4

fairoos Tuesday, 22 February 2022 01:20 PM

මේ කාලකණ්ණි ආණ්ඩුව ඉන්නකන් රටට කිසිම සෙතක් නැහැ. වහල්ලුන්ට දැන් සැපද? සර් පට්ට ෆේල්...!

:       1       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 558 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2264 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1698 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site