(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
තෙල් පිරිපහදුවේ සේවකයන් සඳහා පසුගිය මාස කිහිපයේදී අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවා ඇතැයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
එම අතිකාල දීමනා ගෙව්වේ කාට දැයි සොයා බලා ගෙන යන බව පැවසූ අමාත්‍යවරයා ඒ සම්බන්ධයෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.
අතිකාල දීමනා ගෙවීම තවදුරටත් කළමනාකරණය කිරීමට කටයුතු කරන බවද ඔහු පැවසුවේය.
අමාත්‍යවරයා මෙසේ පැවසූවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:
වහලා තිබුණු තෙල් පිරිපහදුවේ සේවකයන්ට රුපියල් කෝටි 40 ක දීමනා ගෙවලා තියෙනවා කියලා ආරංචියි. ඒක ලොකු අපරාධයක්.
අමාත්‍ය කංචන විජේසේකර මහතා:
පුවත්පත්වල මේ ගැන තොරතුරු සඳහන් වුණාම මම මේ ගැන සොයල බැලුවා. ඛනිජ තෙල් සංස්ථාවේ මූල්‍ය කළමනාකරුගෙන් විමසුවා. ඒ සේවකයන්ට අතිකාල දීමනා විදිහට කෝටි 250 ත් 300 ත් අතර ප්‍රමාණයක් ගෙවලා තියෙනවා කියලා ඔහු දැනුම් දුන්නා.
පිරිපහදුව මාර්තු අප්‍රේල් මාසවල වැහුවේ නෑ. ඒක වැහුවේ පසුගිය මාසේ විතරයි. දින හතම ඉන්ධන නිකුත් කළා. ඉතින් ඒ සේවකයන්ට අතිකාල දීමනා ගෙවන්න වෙනවා. ගෙවීම් යම් මට්ටමකට කළමනාකරණය කරගෙන තිබුණා.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
මනම්පිටිය නිමල් ජයරත්න 2025.05.14. පොළොන්නරුව සෙවනපිටිය මහවැව අංක 43 ඒ 35 ලිපිනයේ පදිංචි අවුරුදු අටක් වයස දරුවා 14 වෙනිදා පාසල් ගොස් නිවසට නොපැමිණි බවට ඔහුගේ පිය
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
තෙල් පිරිපහදු දීමනා කෝටි 300යි
Lal Wednesday, 10 August 2022 12:51 PM
පුද්ගලීකරනය කරන්න ...
ABCWednesday, 10 August 2022 01:43 PM
ඔව්, විසඳුමක් පමණයි.
හොරු හොරකම් ගැන කතා කරති. Wednesday, 10 August 2022 01:44 PM
කිරි ඇල්ල නම් කට්ටිය දැම්මේ RDA එකට,...50000 ගානේ මාසික දීමනාවකට මේ ආයතන 50-50 හරි පුද්ගලීකරණය කරන්නම ඕනේ. මේවයි ඉන්නේ ඡන්දෙ දවස්වල ගොට්ට අල්ලලා මවලා දීපු තනතුරුවලට පත් කරපු අය... ඔවුන්ගේ අතිකාල විතරක් නොවෙයි පඩියත් රටට බරක්...
fairoos Wednesday, 10 August 2022 01:45 PM
නියමයි... තේ පාටියක් දීලා... ඒකෙ බිල විතරක් අතින් ගෙවලා නිකන් ෂෝ පෙන්නනවා...
mahesh Wednesday, 10 August 2022 04:31 PM
නියමයි. තෙල් පිරිපහදුවේ වැඩ නම් නැහැ. කෝටි 300ක් ඕ ටී. 225 විතරක්ද එතකොට හොරු? මේ කවුද? ඇත්තටම මේක පෞද්ගලික අංශයට දෙන්න ඕනෑ. නිකරුනේ අපේ සල්ලි වලින් නඩත්තු නොකර... අපි තෙල් නිකම් ගන්නවා නෙමෙයිනේ...
Bamunuarachchi Wednesday, 10 August 2022 06:38 PM
අධ්‍යක්ෂක මණ්ඩලය සහ පරිපාලන නිලධාරීන් කෝප් කමිටුවට ගෙන්වා ප්‍රශ්න කරන්න. මේවා කෙලින්ම රජය යටතට ගන්න. මුන්ගේ අතිකාල කැපුවහොත් පෙට්‍රොල් තවත් ලාභෙට දෙන්න පුළුවන්.
Bamunuarachchi Wednesday, 10 August 2022 06:41 PM
දැන් සභාපති අතිකාල දීම සාධාරණීය කරලා ලිපියක් එවයි. කෙලින්ම කෝප් කමිටුවට දමන්න. එතැනදී සභාපතිගෙනුත් ප්‍රශ්න කරාවි.
බද්රානිWednesday, 10 August 2022 07:29 PM
ආයේ මොනවද සභාපති අමුතුවෙන් සාධාරණීකරණය කරන්නේ, ඔය තෙල් ඇමතිම ෂෝක් එකට සාධාරණීකරණය කරලා තියෙන්නේ සැකයකින් තොරවම. ඔහෙලගේත් ඉතින් නැට්ට ඉස්සෙන්නේ තරාතිරම අනුවනේ නේද, බමුණුආරච්චි? මෙතන ලියන දේවල් වල හැටියට නම් කලිසම් අඳින කෙනෙක් වෙන්න බැහැ? ඔය දිගු නැට්ට වැසෙන ඇඳුමක් පලදින කෙනෙක් වගෙයි??
BamunuarachchiThursday, 11 August 2022 11:42 AM
මමත් දැක්ක කට්ටියක් ඔයාව ගාඩ් කරගෙන පස්සෙන් යනවා. මේ අගෝස්තු මාසෙනේ නේද?
BamunuarachchiThursday, 11 August 2022 04:36 PM
කාගෙවත් නැට්ට ඉස්සෙනකන් ඉන්නේ නැතුව තමන්ගේ අදහස ඉදිරිපත් කරන්න... අගෝස්තු මාසෙට මදකිපෙන බව දන්නවා...
kumara Wednesday, 10 August 2022 06:52 PM
මෙම රජය ව්‍යවසහාය ආයතන පුද්ගලීකරණ කළ යුතුමයි. අපේ බිල ටිකක් අඩුවෙනවා විශ්වාසයි. මේවා දූෂිතයන්ගෙන් පිරුණු තැන්
පුරවැසියා.... Wednesday, 10 August 2022 08:39 PM
මෙරට ශ්‍රී ලංකා ගුවන් සේවය, ඛණිජ තෙල් සංස්ථාව, විදුලි බල මණ්ඩලය, ලංගම සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඇතුලු පාඩු ලබන සියලුම රාජ්‍ය ආයතන සියල්ල පෞද්ගලීකරණය කිරීම කඩිනමින් කළ යුතු දෙයකි. තව දුරටත් රටේ ජනතාවට මේ බර දැරීමට නොහැකි නිසා.
Prabha Wednesday, 10 August 2022 10:38 PM
වැඩකට නැති සේවකයන් ඉවත් කොට බොර තෙල් ගෙන්වීමයි විය යුත්තේ.