(අංජුල මහික වීරරත්න)
මෙරට මුහුදු තීරයයේ ගමන්ගන්නා නැව් මගින් සිදුවන තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවන් චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම්ව ලබා ගැනීමට අදාළව ප්‍රංශ රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ ඇත.
ඒ අනුව වසරක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය මත පදනම් වූ තෙල් කාන්දුවීම් නිරීක්ෂණ සේවාවට අදාළව ප්‍රංශයේ Collected Localization Satellites (CLS) සමාගම සමඟ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ බලය සමුද්‍රීය පරිසර අධිකාරියේ සභාපතිවරයාට පැවරීමට ද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් යෝජනා කර තිබේ.
ව්‍යාපෘතියේ සම්පූර්ණ වටිනාකම යුරෝ 601,810.00කි.
එය ප්‍රදානයක් ලෙස Localization Satellites (CLS) ලබාදීමට යෝජිතව ඇත.
මෙම ව්‍යාපෘතිය සිදුකිරීම සඳහා සම්පූර්ණ මූල්‍ය පිරිවැය ප්‍රංශ රජයෙන් දරනු ලැබේ. එබැවින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට ලංකා රජයට පිරිවැයක් දැරීමට සිදුනොවන බව අමාත්‍යාංශය පවසයි.
මෙරට මුහුදු තීරය ආශ්‍රිතව නැව් ගමන් ගන්නා මාර්ග හඳුනා ගැනීම, එම දූෂකයන්ට එරෙහිව ක්ෂණික ප්‍රතිචාර මෙහෙයුම හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේද දියුණු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණු අතරවේ.
2025 දෙසැම්බර් මස 18
448
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෙල් කාන්දු හොයන වැඩෙි ’’චන්ද්‍රිකාට’’ දෙන්න කැබිනට් පත්‍රිකාවක්
සල්ලි Thursday, 27 July 2023 04:55 PM
පුදුම ආදරයක් අපිට තියෙන්නේ . එන්න මිතුර අපි ප්‍රසන්නගේ වදන් විශ්වාස කරමු .
නිහාල් Thursday, 27 July 2023 10:07 PM
කප්පම් ගන්න අය අල්ලන්නත් චන්ද්‍රිකා තාක්ෂණය පාවිච්චි කරන්න පුළුවන්
සල්ලි Friday, 28 July 2023 07:09 AM
පිටරටින් පිනට ලැබෙන දේට පොටෝ දාගන්න දේශපාලකයින් හරිම ආදර්ශමත් ... ඔය පිනට ලැබෙන එවායේ කලු පැත්ත ඕකා දන්නේ වත් නැතුව ඇති...